zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විශ්වයේ දැවැන්ත කළු කුහර සාගින්නේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

විශ්වයේ ඇති සුපිරි දැවැන්ත කළු කුහර (Supermassive Black Holes) මීට වසර බිලියන 10කට පමණ පෙර සිට ඉතා සෙමින් වර්ධනය වන බවත්, ඊට ප්‍රධානතම හේතුව වන්නේ, ඒවාට ආහාර ලෙස අවශ්‍ය වන වායූන් හිඟ වීම හෙවත් ‘සාගින්න’ බවත් නවතම පර්යේෂණයකින් යෝජනා කෙරෙනවා. තාරකා විද්‍යාඥයන් මේ නිගමනයට එළැඹ ඇත්තේ මන්දාකිණි මිලියන 1.3ක් සහ එක්ස්-කිරණ පිටකරන කළු කුහර 8,000ක් නිරීක්ෂණය කරමින් අනතුරුවයි.

Cosmic noon ලෙස හැඳින්වෙන, විශ්වයේ වයස දැනට පවතින වයසෙන් හතරෙන් එකකට වඩා අඩු කාලයේ සිට මෙම මන්දගාමී වීම ආරම්භ වී තිබෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. කළු කුහරවල සංඛ්‍යාව අඩු වීමක් හෝ ඒවායේ ප්‍රමාණය කුඩා වීමක් නිසා නොව, එක් එක් කළු කුහරය පරිභෝජනය කරන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම නිසා මෙම වර්ධන වේගය පහත වැටී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා. විශේෂයෙන් ම, කළු කුහර වර්ධනය වීමට අවශ්‍ය සීතල වායූන් (Cold gas) ප්‍රමාණය අවම වීම මෙයට බලපා තිබෙනවා.

කළු කුහරවල වර්ධනය හඳුනා ගැනීම සඳහා විද්‍යාඥයන් NASA ආයතනයේ Chandra සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ XMM-Newton වැනි දියුණු එක්ස්-කිරණ දුරේක්ෂ දත්ත භාවිත කර තිබෙනවා. එක්ස්-කිරණවලට දූවිලි හා වායු පටල හරහා ගමන් කිරීමේ ඉහළ හැකියාවක් ඇති බැවින්, මන්දාකිණිවල ඇති පසුබිම් ආලෝකය මධ්‍යයේ කළු කුහරවල වර්ධනය මැනීමට ඇති හොඳම දර්ශකය එය බවට සැලකෙනවා.

මෙම අධ්‍යයනයට අනුව, පසුගිය වසර බිලියන 10ක කාලය තුළ කළු කුහරවල වර්ධන වේගය විසි දෙගුණයකින් පමණ අඩු වී තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ සුපිරි දැවැන්ත කළු කුහර සීඝ්‍රයෙන් වර්ධනය වූ යුගය දැන් අවසන් වී ඇති බවයි. මිචිගන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ෆැන් සූ සඳහන් කරන්නේ, මින් ඉදිරියට නව කළු කුහර විශාල වශයෙන් බිහි වීමක් හෝ පවතින ඒවායේ සැලකිය යුතු වර්ධනයක් සිදු නොවනු ඇති බවයි. මෙම සොයාගැනීම මන්දාකිණිවල පරිණාමය සහ තාරකා බිහිවීම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වනවා.



from Vidusara Science Magazine https://ift.tt/8qv9Xez
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!