zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර දහස් ගණනක් සුරැකි ව පැවති මිනිස් මොළ ගැන අධ්‍යයනයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

නවතම අධ්‍යයනයකින් හෙළි වන පරිදි මිය ගොස්, පටක දිරාපත් ව ගියත්, වසර දහස් ගණනක් තිස්සේ දිරාපත් නො වූ මිනිස් මොළ 1,300ක් පමණ සොයා ගන්නට සමත් ව තිබෙනවා. මේ අතුරෙන් ඇතැම් මිනිස් මොළ වසර 12,000ක් පමණ පැරැණියි.

“මේ ආකාරයේ මොළ වැනි සිනිදු පටක සංරක්ෂණය වී පවතින අවස්ථා හමු වී ඇත්තේ බොහෝ විට ගිලී ඇති නැව් සහ ඇටකටු ඔහේ පා වෙමින් පවතින ජලයෙන් යට වූ සුසාන භූමිවලින්. ඒක ඇත්තෙන් ම, ඇත්ත වශයෙන් ම අමුතු දෙයක්.” අධ්‍යයනය සිදු කළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇලෙක්සැන්ඩ්‍රා් මෝර්ටන්-හේවෝඩ් සඳහන් කරනවා.

“ඇත්තෙන් ම කිවහොත් අපි මොළයක් කිසි ම පාරිසරික තත්ත්වයක් යටතේ සුරැකි ව පවතිනු ඇති බවට බලාපොරොත්තු වන්නේ නැහැ. මම පුරාවිද්‍යාඥයෙක් වශයෙන් සුසානයක් කණින විට හිස් කබලක් ඇතුළේ ඳගලන මොළයක් හම්බ වුණොත් කම්පනයට පත් වේ වි.”

මොළ සංරක්ෂණය ගැන ඇලෙක්සැන්ඩ්‍රාගේ උනන්දුව ඇති වී තිබුණේ ඇය අවමංගල සේවා නිළධාරිනියක වශයෙන් කටයුතු කරමින් සිටිය දී යි. “පශ්චාද් මරණ පරීක්ෂණයේ දී මුලින් ම ඉවත් කෙරෙන අවයව අතර මොළය ද වන බව ප්‍රසිද්ධ කාරණයක්. එය ඉතාම ඉක්මනින් දිය වී යනු මම දැකලා තියෙනවා. ඒ වැගේ ම ඒවා සංරක්ෂණය වෙලා තියන අවස්ථාත් මම දැකලා තියෙනවා.” ඇය සඳහන් කරයි.

ඇලෙක්සැන්ඩ්‍රා සඳහන් කරන්නේ කටුක පරිසර තත්ත්වයන් යටතේ, බලාපොරොත්තු නො වන පරිදි මෙවැනි මොළ හමු වීම සිතා සිටියාට වඩා සුලබ සංසිද්ධියක් බවයි. ඇය සහ ඇගේ පර්යේෂණ සගයන් මේ සංසිද්ධිය පිළිබඳ ප්‍රථම වතාවට අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. ලොව පුරා මෙවැනි මනා ලෙස සංරක්ෂණය වූ මොළ හමු වීම් 4400ක පමණ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් තනන්නට ද ඔවුන් සමත් වී සිටිනවා.

එසේ ම ඔවුන් ඍජු ව ම ද ස්වභාවික පරිසරය තුළ සංරක්ෂණය වී තිබූ මිනිස් මොළ රැස් කරමින් අධ්‍යයනයට නතු කර තිබෙනවා.

මෙලෙස හමු වන මොළ බොහෝ අවස්ථාවල දී දන්නා ක්‍රියාවලියක් මඟින් පහදා දිය හැකි බව ඔවුන් නිගමනය කරනවා. උදාහරණයක් වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දකුණු ඇමරිකාවේ ක්‍රිස්තු පූර්ව 1450 දී පමණ සිදු කරන ලද මිනිස් බිලි දීම්වලින් අනතුරු ව සිරුර සමග එහි ඇති මොළය ද මුදවා වියැළෙන්නට (freeze dried) හැර ඇති බවයි.

අදින් වසර 2400කට පමණ පෙර ඩෙන්මාකයේ වාසය කළ Tollund man නම් ජන කොට්ටාශයට අයත් මිනිසුන් ඝාතනය කිරීමෙන් අනතුරු ව ඔවුන්ගේ මොළ ද සමඟින් ලෙදර් නිෂ්පාදනයේ දී සිදු කෙරෙන පදම් කිරීමේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකට නතු කරන්නට ඇති බව ඔවුන් සඳහන් කරනවා.

එසේ ම 1930 ගණන්වල ස්පාඤ්ඤ යුද්ධයෙන් මිය ගිය වැසියන් වළ දැමූ සමූහ මිනී වළවල් තුළින් ද, සිරුරුවල මේදය සොහොන් ඉටි හෙවත් grave wax ලෙස හඳුන්වන ද්‍රව්‍යයක් ඇති වීමෙන් මොළය ඇතුළු පටක ආරක්ෂා වී තිබෙනු නිරීක්ෂණය කර තිබුණා.

නමුත් මෙම දන්නා ක්‍රියාවලීන් මඟින් පමණක් වාර්තා වී ඇති මෙ වැනි සිදු වීම් 1300ක් පමණ සංඛ්‍යාවක් විස්තර කළ නො හැකි ව පවතිනවා.

මිනිස් මොළවලට අමතර ව ඇතැම් අවස්ථාවල දී 700ක් පමණ වූ සත්ත්ව මොළ ද ස්වභාවික පරිසරය තුළ දීර්ඝ කාලයක් සංරක්ෂණය වී තිබිය දී සොයාගෙන තිබෙනවා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත් 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!