zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින්ලාටත් කුරුලු උණ!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇන්ටාක්ටිකාව ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් එහි සීඝ්‍රයෙන් පැතිර යන H5N1 කුරුලු උණ වයිරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාසයේ දී මෙම වයිරසය ඇන්ටාක්ටික් ප්‍රධාන භූමි ස්කන්ධයේ වාසය කරන පෙන්ගුයින් හා වෙනත් පක්ෂි විශේෂවලට වැළඳී ඇති බව තහවුරු කරගෙන තිබුණා.

ලොව පුරු පක්ෂි ගහනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති මෙම වයිරසය අන්ටාක්ටිකාවට ද පිවිස ඇති බව හඳුනා ගැනීමත් සමග එහි වෙසෙන පෙන්ගුයින් ජනපදවලට සිදු විය හැකි බලපෑම ගැන විශේෂඥයන්ගේ අවධානය යොමු වුණා.

“අපි මේ කතා කරන්නේ අතිශය සිත් පෙලනසුලු උවදුරක් ගැනයි. අධිරජ පෙන්ගුයින් (emperor penguins – Aptenodytes forsteri) මෙන් ම අනෙකුත් පක්ෂි විශේෂ ගණනාවක් මින් වඳ ව යෑමේ තර්ජනයට ලක් ව තිබෙනවා.” එසේ පවසන්නේ චිලීහි Pontifical Catholic සරසවියේ පර්යේෂිකා Fabiola Leon. ඇය පසුගිය වසරේ අවසන් භාගයේ සහ මේ වසරේ මුල අතර කාලයේ ඇන්ටාක්ටිකාවේ ගවේෂණයක නිරත වෙමින් එහි කුරුලු උණ වයිරසයේ ව්‍යාප්තිය නිරීක්ෂණය කළා.

පසුගිය සතියේ එම ගවේෂණාත්මක චාරිකාව පිළිබඳ තොරතුරු The Chilean Antarctic Institute (INACH) මඟින් ප්‍රසිද්ධියට පත් වූ අතර නිවේදනය කර ඇති පරිදි කුරුලු උණ විය හැකි වයිරස ආසාධිත සිදු වීම් ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. එසේ ම පළමු වතාවට පෙන්ගුයින්ලාට රෝගය ද වැළඳී තිබෙන බව හඳුනා ගැනීම නිසා එය එක්තරා සංධිස්ථානයක් ලෙස ද සැලකිය හැකි බව එහි දැක්වෙනවා.

රෝගය වැළඳුනු විශේෂ අතර අධිරජ පෙන්ගුයින් විශේෂයට අමතර ව Adelie පෙන්ගුයින් (Pygoscelis adeliae) සහ ඇන්ටාක්ටික් දියකාවා හෙවත් Antarctic cormorant (Leucocarbo bransfieldensis) ද සිටින බව ඔවුන් පෙන්වා දෙනවා. වයිරසය වැළඳී ඇති බවට මුලින් ම සොයා ගැනුණේ ඇන්ටාක්ටික් ප්‍රධාන භූ ස්කන්ධයේ වාසය කරන Skua මුහුදු ලිහිණින්ටයි.

“ඉක්මනින් පැතිරී යනසුලු ඉන්ෆ්ලුඑන්සා H5N1 ව්‍යාධිකාරකය ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් සහ දියකාවා විශේෂවලින් වාර්තා වූ මුල් ම අවස්ථාව මෙයයි.” Fabiola Leon වැඩිදුරටත් සඳහන් කරනවා.

Reuters ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!