zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සයිබීරියාවට ඉහළින් ග්‍රහකයක් දැවී යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්‍රහකයක් ඊයේ රාත්‍රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි. මුලින් C0WEPC5 ලෙස හඳුන්වනු ලැබූ ග්‍රහකය පසු ව 2024 XA1 ලෙස නිල වශයෙන් නම් කෙරුණා.

එය ඊයේ පෙරවරුවේ මුල් වරට හඳුනා ගැනුණේ ඇරිසෝනාහි පිහිටි කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයේ (Kitt Peak National Observatory) සේවය කළ තාරකා විද්‍යාඥයන් විසින්.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී 9.45 පමණ ගිනිකොණදිග සයිබීරියාවේ පිහිටි යකුටියා (Yakutia) ජනරජයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ එය මනරම් දසුනක් මවා පාමින් දැවී ගියේ කිසිඳු හානියක් සිදු නො කරමින්. NASA නිකුත් කර ඇති දත්තවලට අනුව එය වායුගෝලයේ ගැටී ඇත්තේ තත්පරයට කිලෝමීටර 15.5ක වේගයකින්.

Fireball වර්ගයේ උල්කාවක් ලෙසින් අහසේ සුදු සහ තැඹිලි ආලෝකයක් ඇති කරමින් දැවී, නිවී යන ග්‍රහකයේ පටිගත දර්ශන සමාජ මාධ්‍යවල පළ වී තිබෙනවා.

මෙය මේ වසර තුළ දී ඝට්ටනයට පැය කිහිපයක් තබා හඳුනාගන්නා ලද සිව් වැනි ග්‍රහකයයි. මේවා ‘imminent impactor’ හෙවත් ‘වහා සිදු වන ඝට්ටන’ යනුවෙන් හැඳින්වෙනවා. 2024 වසරේ සිදු වූ මේ ප්‍රවර්ගයට අයත් පළමු ග්‍රහක ඝට්ටනය ලෙස ජනවාරියේ බර්ලිනයට ඉහළින් දැවී ගිය මීටරයක විෂ්කම්භයක් සහිත 2024 BX1 ග්‍රහකය හඳුනාගත හැකියි. දෙවැන්න සැප්තැම්බර් 04 වැනි දා පිලිපීනයට ඉහළින් දැවී පිපිරී ගිය 2024 RW1 ග්‍රහකයයි. ඉකුත් ඔක්තෝබර් 22 දා හවායි දූපතට ඉහළින් දැවී ගිය 2024 UQ ග්‍රහකය තෙවැන්නයි.

මේ අතර ‘පා පන්දු පිටියක’ විශාලත්වයකින් යුතු 2020 XR ග්‍රහකය අද පෘථිවිය හා සමීප ව ගමන් කිරීමට නියමිත ව තිබෙනවා. මීටර 365ක විෂ්කම්භයකින් යුතු එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 2.2ක් ඈතින්, පැයට කිලෝමීටර 44,260ක වේගයෙන් ගමන් ගැනීමට නියමිතයි.

ESA සහ Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign