zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් මෙක්සිකානු රජයේ සුවිශාල දත්ත සොරකමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මෙක්සිකානු රජයේ සහ එරට පෞද්ගලික පුරවැසියන්ගේ සංවේදී තොරතුරු මිලියන සිය ගණනක් ඉලක්ක කරගනිමින්, කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සිදුකළ ලොව විශාලතම සයිබර් ආරක්ෂණ බිඳවැටීමක තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා. 2025 දෙසැම්බර් සිට 2026 පෙබරවාරි මැද දක්වා මාස දෙකහමාරක කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම ප්‍රහාරයෙන් මෙක්සිකානු රජයේ ආයතන නවයක් දැඩි ලෙස බලපෑමට ලක් ව ඇති බව Gambit Security ආයතනයේ පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

Gambit Security ආයතනයේ බුද්ධි අංශ අධ්‍යක්ෂ එයාල් සේලා නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම ප්‍රහාරය මඟින් පුද්ගල අනන්‍යතා සහ සවිස්තරාත්මක බදු වාර්තා මිලියන 195ක් සොරා ගැනීමට ලක් ව තිබෙනවා. මීට අමතර ව වාහන ලියාපදිංචි වාර්තා මිලියන 15.5ක්, උපත්, මරණ සහ විවාහ ඇතුළු සිවිල් වාර්තා මිලියන 295ක් මෙන් ම දේපල හිමිකම් වාර්තා මිලියන 5කට අධික ප්‍රමාණයක් ද හැකර්වරුන් සන්තකයට පත් ව තිබෙනවා.

මෙම මහා පරිමාණ සොරකම සඳහා හැකර්වරුන් Anthropic සමාගමේ Claude Code සහ OpenAI සමාගමේ GPT-4.1 යන AI මෙවලම් භාවිතා කර ඇති බව හෙළිවුණා. කුඩා හැකර් කණ්ඩායමකට විශාල පිරිසකගේ කාර්යක්ෂමතාවයෙන් යුතු ව මෙම ප්‍රහාරය දියත් කිරීමට AI තාක්ෂණය ඉවහල් වී ඇති බව සේලා පෙන්වා දෙනවා.

මෙම මහාපරිමාණ දත්ත සොරකමේ දී Claude මාදිලිය සයිබර් ප්‍රහාරයේ වැඩකටයුතුවලින් 75%ක් පමණ සිදුකර ඇති අතර, එහි ආරක්ෂක සීමාවන් බිඳදැමීමට හැකර්වරුන්ට ගත වී ඇත්තේ විනාඩි 40ක් වැනි කෙටි කාලයක් පමණයි. එසේ ම, සොරාගත් විශාල දත්ත ප්‍රමාණය විශ්ලේෂණය කර වාර්තා 2,500කට අධික ප්‍රමාණයක් සැකසීම සඳහා ChatGPT භාවිතා කර තිබෙනවා. මේ සඳහා ඔවුන් කේත පේළි 17,550කින් යුත් Python මෘදුකාංග මෙවලමක් නිර්මාණය කරගෙන තිබෙනවා.

විශේෂඥයන් මෙම ප්‍රහාරය හඳුන්වන්නේ සයිබර් අපරාධ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙසයි. Gambit හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරී කර්ටිස් සිම්ප්සන් පවසන්නේ, මෙම ප්‍රහාරයෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමට සති හෝ මාස ගණනාවක් ගතවනු ඇති අතර, බිඳ වැටුණු මහජන විශ්වාසය යළි ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි. මෙම හැකර්වරුන් ව්‍යාජ අනන්‍යතා නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණ ද, පද්ධතියේ තිබූ සියලු ම දත්ත සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට පවා ඔවුන්ට හැකියාව තිබූ බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවමින් පෙන්වා දෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/lpKDbQ5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!