zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR

Most Read

Most Read

Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

MAVEN අඟහරු චන්ද්‍රිකාව අවසන් ගමන් යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මාස හයක පමණ කාලයක් පුරා පැවති නිහඬතාවකින් පසු ව, අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කර තිබූ MAVEN (Mars Atmosphere and Volatile EvolutioN) යානය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී ඇති බව NASA ආයතනය නිල වශයෙන් තහවුරු කළා. දශකයකට වැඩි කාලයක් පුරා අඟහරු ග්‍රහයා පිළිබඳ වටිනා නිරීක්ෂණ සිදුකළ මෙම මෙහෙයුමේ අවසානය මෙය බව ඔවුන් පෙන්වා දෙනවා.

2013 වසරේ දී අඟහරුගේ වායුගෝලය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දියත් කරන ලද මෙම යානය, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මුල් භාගයේ දී අඟහරු ග්‍රහයාට පිටුපසින් ගමන් කරන අවස්ථාවේ දී අනපේක්ෂිත ලෙස සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබුණා. NASA ආයතනයට අනුව, යානය පාලනයෙන් තොර ව වේගවත් කැරකීමකට ලක් ව ඇති අතර, එමඟින් එහි කක්ෂය කඩාකප්පල් වී යානයේ බැටරි බලය සම්පූර්ණයෙන් ම සිඳී ගොස් තිබෙනවා.

මෙම වසර මුල දී NASA ආයතනය විසින් කැඳවන ලද සමාලෝචන මණ්ඩලයක් මගින් MAVEN යානය නැවත යථා තත්ත්වයට පත් කළ නො හැකි බව නිගමනය කරනු ලැබුණා. කෙසේ වෙතත්, මෙය වෙනත් කිසිදු අභ්‍යවකාශ යානයකට බාධාවක් නො වන අයුරින් තවත් වසර 50ත් 100ත් අතර කාලයක් අඟහරු කක්ෂයේ රැඳී සිටිනු ඇති බවත්, ඉන් පසු ව අඟහරු මතට කඩා වැටෙනු ඇති බවත් අපේක්ෂා කෙරෙනවා. මෙලෙස යානය අක්‍රිය වීමට සැබෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අඟහරුගේ දේශගුණය සහ එහි වායුගෝලයේ පරිණාමය පිළිබඳව අධ්‍යයනය කිරීමට අමතර ව, අඟහරු මත ක්‍රියාත්මක වන කියුරියෝසිටි සහ පර්සිවරන්ස් රෝවර් යානාවල දත්ත පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ දී ද MAVEN යානය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. NASA පවසන්නේ MAVEN අවසන් ගමන් ගියත්, අඟහරු වටා කක්ෂගත ව ඇති අනෙකුත් යානා හතර (ඇමරිකානු යානා දෙකක් සහ යුරෝපීය යානා දෙකක්) මඟින් රෝවර් සමඟ කෙරෙන සන්නිවේදන කටයුතු කිසිදු බාධාවකින් තොර ව සිදු කළ හැකි බවයි.

“මෙම මෙහෙයුමේ අවසානය අපගේ කණ්ඩායමට හරියට තමන්ගේ ආදරණීයයෙකු අහිමි වූවා වැනි හැඟීමක් ගෙන දෙනවා,” යැයි NASA ව්‍යාපෘති කළමනාකාර මයික් මොරෝ සඳහන් කළා. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ, MAVEN ප්‍රධාන විද්‍යාඥ ෂැනොන් කරී මහත්මිය පැවසුවේ අඟහරු වායුගෝලය සහ එහි පරිණාමය පිළිබඳව විද්‍යාඥයින්ගේ අවබෝධය පුළුල් කිරීමට මෙම යානය අතිමහත් දායකත්වයක් ලබා දුන් බවයි. එමෙන් ම පසුගිය දශකය තුළ අත්පත් කරගත් විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳව තම කණ්ඩායම අතිශයින් ආඩම්බර වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.



from Vidusara Science Magazine https://ift.tt/BLEJmsO
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!