zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR

Most Read

Most Read

Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට හඳුනාගෙන තිබෙනවා. මෙම නව සොයාගැනීම හරහා තල්මසුන්ගේ සන්නිවේදන හැකියාවන් සහ ඔවුන් භාවිත කරන නාද රටා මීට පෙර සිතුවාට වඩා ඉතා පුළුල් බව සනාථ වනවා.

ඇලස්කා තල්මස් පදනමේ (Alaska Whale Foundation) ෆ්‍රෙඩ් ශාර්ප් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ගොඩබිම ස්ථාපිත කරන ලද මයික්‍රෆෝන යොදාගනිමින් මෙම ‘අභිරහස්’ සාගර ශබ්ද පටිගත කර තිබෙනවා. මේ සඳහා සුදුසුම ස්ථාන තෝරාගැනීමට ඇලස්කා වෙරළබඩ ප්‍රජාවගේ සහාය ද ඔවුන්ට හිමි ව තිබුණා.

මෙතෙක් තල්මසුන් නිකුත් කරන බවට හඳුනාගෙන තිබූ සාමාන්‍ය ශබ්දවලට අමතර ව, ඈතින් ඇසෙන ගිගුරුම් හඬකට සමාන ඉතා අඩු සංඛ්‍යාතයකින් යුත් ගැඹුරු නාදයන් ද, තවත් නවතම ශබ්ද රටා කිහිපයක් ද මෙම පර්යේෂකයින් පටිගත කිරීමට සමත් වුණා. රාත්‍රී කාලයේ දී මෙම ශබ්ද වාතය හරහා කිලෝමීටර් 10ක් පමණ දුරකට වුව ද පැහැදිලි ව ඇසෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉකුත් මැයි 18 වැනි දා විස්කොන්සින් හි මැඩිසන් නුවර පැවති තාරකා ජීව විද්‍යා සමුළුවේදී (Astrobiology Science Conference) ෆ්‍රෙඩ් ශාර්ප් විසින් මෙම පර්යේෂණ තොරතුරු ඉදිරිපත් කෙරුණා. තල්මසුන් දිය යටට කිමිදෙන විට ඔවුන්ගේ ශ්වසන කුහරයට ජලය ඇතුළු වීම වළක්වන විශේෂිත ව්‍යූහයක් මඟින් මෙම ඇසූ විට අද්භූත යැ යි හැඟෙන නාදයන් නිකුත් වන බවට ඔහු අනුමාන කරනවා.

මෙම සුවිශේෂ නාද රටාවන් අවබෝධ කර ගැනීම මඟින්, මුහුදේ ගමන් ගන්නා නැව්වල ගැටීමෙන් තල්මසුන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට හැකිවනු ඇතැ යි විද්‍යාඥයන් විශ්වාස කරනවා. මිනිසාගේ සංජානන සීමාවන් පුළුල් කරමින්, බාහිර අභ්‍යවකාශයේ බුද්ධිමත් ජීවීන් සෙවීමේ අනාගත පර්යේෂණ සඳහා ද මෙම තල්මස් නාද රටා පිළිබඳ අධ්‍යයනයන් වැදගත් වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/N5XdhI2
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!