zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අපේ පැරණිතම පෘෂ්ඨවංශී මුතුන්මිත්තන්ට ඇස් හතරක් ම තිබිලා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසුන් වන අප ද ඇතුළත් අද වෙසෙන සියලු පෘෂ්ඨවංශී සතුන්ගේ ආදිතම මුතුන්මිත්තන් කාණ්ඩය අප මෙන් දෙනෙතකින් නොව නෙත් යුවළ දෙකකින් පෙනීම ලැබූවන් බව නවතම අනාවරණයකින් දැක්වෙනවා.
මිහිමත ජීවයේ අසාමාන්‍ය පිබිදීමක් ඇති කළ කේම්බ්‍රීය ස්ඵෝටනය පැවති සමයේ අදින් වසර මිලියන 518 කට ඉහත විසූ හනු රහිත මසුන් අයත් අග්නාතා කාණ්ඩයට ඇතුළත්ව සිටි දැනට වඳ වී ගොස් තිබෙන Myllokunmingiidae කුලයේ මසුන්ට මෙසේ ඇස් හතරක් තිබූ බව ෆොසිල සාක්ෂිවලින් අනාවරණය කර තිබෙනවා.

අදින් වසර මිලියන 541 කට පෙර සිට වසර මිලියන 485.4 කට පෙර දක්වා පැවති කේම්බ්‍රීය අවධිය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම පැරණිතම පෘෂ්ටවංශී කුලයට අයත් ව තිබූ විශේෂ දෙකක වසර මිලියන 518 ක් පැරණි ෆොසිල මේ සඳහා සාක්ෂි දරනවා.

පසුගිය ජනවාරි මස 21 වැනි දින Nature ජර්නලයේ පළ කර තිබූ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන පරිදි ඉහත ෆොසිල හමු වී තිබෙන්නේ දකුණු චීනයේ යුනාන් පළාතේ කේම්බ්‍රීය ෆොසිල හොඳින් සුරක්ෂිත ව ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙන්ජියැන් ෆොසිල තැන්පතුව තුළිනුයි.

අඟලක් පමණ දිගැති සිරුරක් තිබූ හනු රහිත මෙම මසුන්ගේ හිස දෙපස විශාල ඇස් දෙකක් ද, ඒවාට ඉදිරියෙන් හිසේ මැද කුඩා ඇස් දෙකක් ද තිබූ බව මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දෙනවා.

ඉහත වාර්තාවේ සහාය කතුවර එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් සරසවියේ මහේක්ෂ පරිණාමය පිළිබඳ සහාය මහාචාර්ය යාකොබ් වින්තර් සඳහන් කරන්නේ කේම්බ්‍රීය අවධියේ සාහර තුළ පැවති අන්තරායකාරී ලෝකයක් තුළ සංචරණයේ දී අපේ පැරණිතම පෘෂ්ඨවංශී පූර්වජයන් දෘෂ්ටිමය වශයෙන් සන්නද්ධ ව සිටි බවයි.

එමඟින් මෘදු සිරුරක් සහිත මේ මුතුන්මිත්තන්ට සිය දරුණුතම විලෝපීන්ගෙන් ගැලවීම පිණිස ආධාර වූ පුළුල් දෘෂ්ටි ක්ෂේත්‍රයක් දැක ගැනීමේ හැකියාව ලැබුණු බව ඔහු පෙන්වා දෙනවා.

ඇස්වල පැවැත්ම හා ඒවායේ ව්‍යුහය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් අධි බල අන්වීක්ෂ මෙන් ම රසායනික විශ්ලේෂණයන් ද ආධාර කරගෙන තිබෙනවා. කුඩා ඇස් යුවල වටකුරු වූ අතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ආධාරයෙන් ඔවුන් සොයා ගත්තේ මෙලනින් නම් ආලෝක අවශෝෂක වර්ණකය අඩංගු මෙලනොසෝමයන් සහ කාචවලින් ඒවා සමන්විත වන බවයි. ඔවුන් අදහස් කරන අන්දමට නූතන පෘෂ්ටවංශීන්ගේ නින්ද යාමනය කරන තෙවැනි ඇස නමින් හඳුන්වන කේතු දේහයේ පූර්වග ප්‍රභවය මෙම කුඩා ඇස් යුගලෙන් නිරූපණය වෙනවා.

වර්තමානයේ එමඟින් මෙලටොනින් නම් හෝර්මෝනය නිපදවෙන අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කෙරෙනවා.

Live Science හා Nature ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 



from Vidusara Science Magazine https://ift.tt/sBSIwtL
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!