zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉන්දියානු රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට ගොඩගසයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ලාංඡනය සටහන් ව ඇති රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට අයත් ජන ශුන්‍ය දූපතකට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මාලදිවයිනට අයත් එල් කුනාහන්ධු දූපතේ පදිංචිකරුවෙකු විසින් ධීවර කර්මාන්තයේ යෙදී සිටිය දී මේ කොටස් සොයාගනු ලැබ තිබෙනවා. කලාපීය කවුන්සිලයේ ප්‍රධානියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා එම ජනාවාසයකින් තොර දූපතේ සිට, ඒවා කුනාහන්ධු වෙත ගෙනැවිත් ඇති බවයි.

“ඒවා කුනාහන්ධු තොටුපළ ආසන්නයේ තැබීමෙන් අනතුරු ව තරුණ ප්‍රජාවගේ නිරීක්ෂණයට ලක් වූ පසුවයි රොකට්ටුවක කොටස් බවට හඳුනාගෙන තිබෙන්නේ.” කවුන්සිල ප්‍රධානී ඊබ්‍රහීම් සකීබ් සඳහන් කරනවා.

සුන්බුන් කොටස්වල සඳහන් පාඨ මඟින් එය 2025 වසරේ සිදු කළ දියත් කිරීමට අයත් බව පෙනී යනවා.

කුනාහන්ධු පාලන කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබ ඇති ඡායාරූපවලින් ඇතැම් සුන්බුන් ⁣කොටස්වල ISRO ලාංඡනය සටහන් ව තිබෙනු පැහැදිලි ව දැකගත හැකියි.

සුන්බුන් මත ඇති අංකවලින් ඉඟි කරන්නේ එය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට්ටුවක අය බර සහිත කොටසේ සුන්බුන් විය හැකි බවයි. මෙය රොකට්ටුවක් ඉහළට ගමන් කිරීමේ දී තාපයෙන් සහ පීඩනයෙන් චන්ද්‍රිකා ආරක්ෂා කරනු ලබනවා.

අයබර අභ්‍යවකාශයේ දී වෙන් වන විට, මෙම ෆෙයාරිං කොටස් දැවී ඉවතට වැටෙන ලෙස නිපදවා ඇති අතර, එහි ඉතිරි වන කොටස් සාමාන්‍යයෙන් මිනිස් වාසයෙන් බැහැර ව මුහුදට පතිත වන ලෙස සැලසුම් කර තිබෙනවා.

​මේවා සැහැල්ලු සංයුක්ත ද්‍රව්‍යවලින් නිමවා ඇත්තේ සාගරයේ ගිලෙන විට තවදුරටත් කැබලිවලට කැඩී යන පරිද්දෙන්.

​නමුත් සමහර අවස්ථාවල දී සාගර දියවැල් මඟින් මෙවැනි සුන්බුන් පතිත වූ කලාපවල සිට ඈතට ගසාගෙන යනු ලබනවා.
මීට පෙරද ඉන්දීය රොකට් දියත් කිරීම්වලින් පසුව, ඉන්දියන් සාගරයේ පවතින ප්‍රබල මතුපිට දියවැල් හේතුවෙන් රොකට් සුන්බුන් ශ්‍රී ලංකාවේ වෙරළට ද ගොඩගසා තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

 

 



from Vidusara Science Magazine https://ift.tt/ehOF4nl
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!