zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පියයුරු වල විශාලත්වය මදි ද ? එහෙනම් කොහොමද විශාල කරගන්නෙ...

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ලස්සනට පේන්න පියයුරු ලොකු කරගන්න සැත්කම 




  “සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන” කියල තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයේ ස්ත්‍රී ශරීරය වර්ණනා කළේ. ඈත ඉතිහාසයේ ඉඳලම කාන්තා සිරුරේ ලාලිත්‍ය ගැන මේ වගේ ලියවුණු තැන් සාහිත්‍යයේ බොහොමයි. ඒ වගේම තමයි සුන්දර ශරීරයක් හිමි කාන්තාවන්ට ලැබුණ තැනත් බොහෝම විශේෂයි.

  පරණ පතපොත කියවද්දී අපිට තේරුම් යන කාරණයක් තමයි ඒ කාලෙ කාන්තාවන් හුඟ දෙනෙක් මේ කවි නිර්මාණවලින් කියවෙන විදිහේ සුකුමාල සිරුරකට හිමිකම් කියපු බව. හැබැයි ඉතින් අද තත්ත්වය හරි වෙනස්. හැමදේම යන්ත්‍ර සූත්‍ර වලින් කරගෙන සැපට කාල ඉන්න නිසාමද මන්ද කාන්තාවන්ගේ සිරුරේ හැඩයත් එහෙ මෙහෙ වෙලා. හැබැයි ඒ එක්කම ඒ හැම දෙයක්ම නිවැරදි කරන්නත් ක්‍රම අළුත් තාක්ෂණයෙන්ම හොයාගෙනත් තියෙනවා.

 මේ කියන්නෙනම් ස්වභාවයෙන්ම පිහිටන ශරීරාංගයක වෙනස්කම් කිරීමක් ගැනයි. ඒ තමයි පියයුරු. කුඩා පියයුරු නිසා හිත් වේදනාවෙන් හිටිය කාලේ ඉවරයි. පියයුරු විශාල කරගන්න විවිධ ක්‍රම මේ වෙද්දි හොයාගෙන තියෙනවා. සම්බාහන ක්‍රම, ව්‍යායාම, යෝග ක්‍රම අතරේ පියයුරු විශාල කිරීමේ සැත්කමත් හරිම ප්‍රසිද්ධයි. ඉතින් අපි අද කතා කරන්නෙ ඒ ගැන.


 පියයුරු විශාල කරන සැත්කම



  මේක සමහර අයනම් අහලවත් නැති කාරණාවක් වෙන්නත් ඇති. ශරීර ස්වභාවයෙන්ම කුඩාවට පිහිටන පියයුරු විශාල කරන්නත් සැත්කම් කරන්න පුළුවන් කිව්වම පුදුමත් හිතෙනවනෙ. හැබැයි මේක අද කාලෙ වෙද්දි බොහොම සුලභ සැත්කමක්.

  Breast augmentation හෙවත් පියයුරු වර්ධන සැත්කම, එහෙමත් නැත්තම් වර්ධන මැමෝප්ලාස්ටි නමිනුත් මේ සැත්කම හැඳින්වෙනවා. මේකෙදි වෙන්නෙ බාහිර සැත්කමක් මඟින් පියයුරු වල හැඩය සහ ප්‍රමාණය සකස් කිරීම සහ වර්ධනය කිරීම. සැත්කම සිදුකරන්න ඕන සුදුසුකම්ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් හරහා.

 පියයුරු විශාල කරන සැත්කම් වර්ග



😌 මේ පියයුරු විශාල කරන සැත්කම ක්‍රම දෙකකට සිදුකෙරෙනවා.

1️⃣සේලයින් හෝ සිලිකන් පිරවූ කෘත්‍රීම පියයුරු ඇතුළත් කිරීම මඟින්.
2️⃣ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබාගත් සම යොදාගෙන පියයුරු සකස් කිරීම මඟින්.


   ක්‍රම දෙකක් තිබුණට දෙවන ක්‍රමයනම් කලාතුරකින් මිසක් භාවිතා වෙන්නෙ නැහැ. වඩා සුලභ මුල් ක්‍රමයයි.

සැත්කම සිදුකරන ආකාරය


  මේ සැත්කම සිදුකරන්නේ ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් හරහා කියල අපි කලින් කිව්වනෙ. ඉතින් වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරල අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. සැත්කම සිදුකරන්නෙ නිර්වින්දනය කරල.

   ඒ කියන්නෙ සිහිනැති කරල. පියයුර යට පැත්තෙන් කැපුමක් යොදල විවෘත කරල කලින් කිව්ව විදිහේ සේලයින් හෝ සිලිකන් වලින් සකස් කළ මල්ලක ආකාරයේ කෘත්‍රීම පියයුර ඇතුල් කරල නැවත මැසීම තමයි සිදුවෙන්නේ.

   සැත්කමෙන් පස්සේ සාමාන්‍ය විදිහට අවදිවෙන්න පුළුවන්. හැබැයි සුව වෙන්න යම් කාලයක් ගතවෙනවා.

  සැත්කම සිදුකරන අවස්ථා



   අපේ ආසාවට පියයුරු ලස්සන කරගන්නම විතරක්ම නෙමෙයි මේ සැත්කම තියෙන්නේ. පියයුරු ලස්සන කිරීමත් එක හේතුවක් තමයි. හැබැයි මව්කිරිදීමෙන් පසු හෝ ස්ථුල තත්ත්වයක සිට නැවත බර අඩුකර ගැනීමේදී සිදුවන පියයුරු එල්ලා වැටීම් නිවැරදි කරන්න, පියයුරු ආශ්‍රිත වෙනත් සැත්කම් නිසා පියයුරුවල ඇතිවෙන වෙනස්කම් නිවැරදි කරන්න වගේ විවිධ හේතු වලට මේ සැත්කම සිදුකරනවා.

  හැබැයි කොයි හේතුව නිසා උනත් සැත්කම සිදුකෙරෙන්නේ නම් ප්ලාස්ටික් සැත්කම් සිදුකරන විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා රූපලාවන්‍ය සැත්කමක් විදිහටම තමයි.

 සංකූලතා



 අනෙක් හැම සැත්කමකදී වගේම මේ පියයුරු විශාල කිරීමේ සැත්කමේදිත් විවිධ සංකූලතා ඇතිවෙන්න පුළුවන්. සැත්කම කරන්නෙ නිර්වින්දනය කරල නිසා සාමාන්‍ය නිර්වින්දන ක්‍රියාවලියකදී කලාතුරකින් ඇතිවන සංකූලතා ඇතිවෙන්නත් පුළුවන්.

 ඊට අමතරව මේ විශේෂිත වූ සැත්කමේ සංකූලතා විදිහට මේ දේවල් දක්වන්න පුළුවන්.

✔️පියයුරු වල අසමමිතික බව.
✔️පියයුරු වේදනාව.
✔️පියයුරු හිරිවැටීම.
✔️තනපුඩුවේ සහ පියයුරු වල සංවේදනය වෙනස් වීම.
✔️බද්ධ කරන පිහිටීමේ ගැටළු.
✔️අසාදන.


 ඒ වගේම මෙහෙම පිටතින් බද්ධ කරන පියයුරු ජීවිත කාලය පුරාවටම නොවෙනස්ව තියෙන්නේ නැහැ. සාමාන්‍ය බද්ධ කරන පියයුරක ආයු කාලය විදිහට නිර්දේශ කෙරෙන්නේ වසර 10ක කාලයක්. ශරීර ස්කන්ධය අඩුවීම, වැඩිවීම කියන වෙනත් සාධක මතත් මේ කාලය වෙනස් වෙන්න පුළුවන්.

සුවවීම



 මේක මහා ලොකු සැත්කමක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම සුව වෙන්න සති 6 ඉඳලා 8 අතරේ කාලයේදී පුළුවන්. ඒ කියන්නෙ උපරිම මාස දෙකක් වගේ වෙනකොට හොඳටම සුව වෙන්න පුළුවන්. හැබැයි සුවවීමත් රඳා පවතින්නේ දින චර්යාව අනුව තමයි.

 ඒ කියන්නෙ හොඳින්ම සුව වෙනකන් සාමාන්‍ය විදිහට මහන්සිවෙලා ගෙදර දොරේ වැඩ කරන්න බැහැ. මෙන්න මේ ක්‍රියාකාරකම් මඟින් සුවවීම වේගවත් කරන්න පුළුවන්.

☘️සෑම විටම තුවාල ආරක්ෂා කරගන්න.
☘️ඖෂධ නිසිපරිදි ලබාගන්න.
☘️සිරුර වෙහෙස කරන ක්‍රියාකාරකම් වලින් වළකින්න. ☘️හැකිතරම් විවේකීව කාලය ගතකරන්න.
☘️සැහැල්ලු ඇඳුම් අඳින්න.
☘️විශේෂිත ප්‍රතිසාධන තනපට හෙවත් Recovery Bra භාවිතා කරන්න


 වියදම



 මේක ඉතින් සාමාන්‍ය රෝගයක් සඳහා කෙරෙන සැත්කමක් නෙමෙයිනේ. කලිනුත් කිව්ව වගේ රූපලාවන්‍ය සැත්කමක්. ඉතින් එහෙම ඒවට යන වියදම නම් ටිකක් ඉහළයි. තරු පන්තියේ හෝටලයක නැවතිලා ඉඳගෙන සැත්කම කරගන්න පුළුවන් සුඛෝපභෝගී පැකේජ ලබාදෙන ආයතනත් තියෙනවා. ඒවගේ වියදමනම් අති ඉහළයි.

 එහෙම නැතුව ලංකාවේ ප්‍රසිද්ධ සාමාන්‍ය පෞද්ගලික රෝහලකින්නම් දළ වශයෙන් රු. 750,000 ඉඳලා  1,050,000 වගේ මිල පරාසයක් ඇතුළේ මේ පියයුරු වර්ධනය කරන සැත්කමක් කරගන්න පුළුවන්. හැබැයි මුල ඉඳල කෙරෙන වෛද්‍ය හමුවන්, සැත්කමෙන් පස්සේ කෙරෙන ප්‍රතිකාර එක්ක එහෙම බැලුවමනම් වියදම මීට වැඩියි.

 ඒ වගේම තමයි රූපලාවන්‍ය සැත්කමක් නිසා මේ වියදම රක්ෂණාවරණ වලින් ආවරණය වෙන්නෙත් නැහැ.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!