zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වානරයන්ට හිතින් මවාගෙන සෙල්ලම් කළ හැකි ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වයස අවුරුදු 2 වන විට, බොහෝ දරුවන් යමක් සිතින් මවාගෙන සෙල්ලම් කිරීමට පෙළඹෙනවා ඔවුන් තම නිදන කාමර ඈත මෑතක ඇති බලකොටු බවට පත් කර ගන්නා අතර, මනඃකල්පිත තේ පැන් සාද පවත්වනවා. බෝනික්කන් අසනීප වූ විට ප්‍රතිකාර කරනවා.

නැති දෙයකින් යමක් නිර්මාණය කිරීමේ මෙම හැකියාව මානවයාට පමණක් ආවේණික වූවක් සේ පෙනෙන්නට තිබුණා. එය නව ආකාරයේ කලාවන්, සංගීතය සහ තවත් බොහෝ දේ බිහි කිරීමට මඟ පෑදූ නිර්මාණශීලීත්වයේ පදනම දැමුවේ එයයි.

දැන්, ප්‍රථම වතාවට, හීලෑ තත්ත්ව යටතේ සිටින වානරයන්ට ද පරිකල්පන ශක්තියක් තිබිය හැකි බව පෙනීගොස් තිබෙනවා. “මෙම පර්යේෂණයේ ඇති සැබවින්ම උද්යෝගිමත් කරුණ නම්, පරිකල්පනය සඳහා වන මෙම හැකියාවේ මූලයන් අපේ මානව වර්ගයාට පමණක් සීමා නො වන බව පෙනී යාමයි” යනුවෙන් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මෙම අධ්‍යයනයේ සම-කර්තෘ ක්‍රිස්ටෝපර් කෘපෙන්යේ පවසනවා.

මේ අධ්‍යයනයට පාදක කරගැනෙන්නේ විද්‍යාගාරයක හැදී වැඩුණු කැන්සි (Kanzi) නම් බොනොබෝ වානරයායි. ඔහු රූපමය සංකේත භාවිතයෙන් මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමේ අති දක්ෂයෙකු බවට පත් ව සිටියා. ඔහු විවිධ සංකේත ඒකාබද්ධ කරමින් ඒවාට නව අර්ථයන් ලබා දුන් අතර සරල ගල් ආයුධ තැනීමට ද ඉගෙනගෙන තිබුණා.
කැන්සිට ‘මනඃකල්පිත ලෙස සෙල්ලම් කිරීමේ’ හැකියාව තිබේ ද යන්න ගැන විද්‍යාඥයන්ගේ උනන්දුව යොමු වුණේ මේ අතරයි. එනම්, යමක් සැබෑ නො වන බව දැන දැන ම එය සැබෑ දෙයක් ලෙස සලකා හැසිරීමේ හැකියාවයි. වනාන්තරයේ වෙසෙන ගැහැණු චිම්පන්සීන් ලී කූරු තම බිළිඳුන් මෙන් වඩාගෙන සිටින බවටත්, මිනිසු භාරයේ සිටින චිම්පන්සීන් සැබෑ සෙල්ලම් බිල්ඩින් බ්ලොක්ස් සමඟ සෙල්ලම් කිරීමෙන් පසු මනඃකල්පිත ව ඒවා පොළොව දිගේ ඇදගෙන යන බවටත් වන වාර්තා ඔවුන්ට මීට පෙර අසන්නට ලැබී තිබුණා.

නමුත් පරිකල්පනය යනු අස්පර්ශනීය දෙයක් වන බැවින් වානරයන්ගේ මනසෙහි සිදුවන්නේ කුමක් දැ යි දැන ගැනීම අසීරු වන අතර, ඔවුන් හුදෙක් පර්යේෂකයන් අනුකරණය කරනවා වීමට මෙන් ම මනඃකල්පිත වස්තූන් සැබෑ ඒවා යැ යි වරදවා වටහා ගැනීමට ද ඉඩ තිබෙනවා.

පර්යේෂකයන් කුඩා දරුවන් ගැන අධ්‍යයනය කරන ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් කැන්සි වෙනුවෙන් ‘යුෂ පානය කිරීමේ සාදයක්’ (juice party) සංවිධානය කළා. ඔවුන් ජෝගුවකින් කෝප්ප දෙකකට මනඃකල්පිත යුෂ වත් කළ අතර, පසු ව ඉන් එකක් පමණක් හිස් කරන බවක් ඇඟවූවා. පසු ව ඔවුන් කැන්සිගෙන් ඔහුට අවශ්‍ය කුමන කෝප්පය දැ යි විමසූ විට, 68%ක වාර ගණනක දී ම ඔහු තෝරාගෙන තිබුණේ මනඃකල්පිත යුෂ අඩංගු බව හැඟවුණු කෝප්පයයි.

කැන්සි සැබෑ දේ සහ මනඃකල්පිත දේ පටලවා නො ගන්නා බව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සැබෑ යුෂ යොදාගෙන ද පරීක්ෂණයක් පැවැවූවා. එහි දී කැන්සි මනඃකල්පිත යුෂ වෙනුවට සැබෑ යුෂ තෝරා ගැනීමට 80%ක පමණ නැඹුරුවක් දක්වූ බව පෙනී ගොස් තිබුණා. “මෙයින් හැඟවෙන්නේ ඔහුට සැබෑ යුෂ සහ මනඃකල්පිත යුෂ අතර වෙනස ඇත්තටම වටහා ගත හැකි බවයි,” යනුවෙන් ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ මෙම අධ්‍යයනයේ සම-කර්තෘ අමාලියා බැස්ටෝස් පවසනවා.

පර්යේෂකයන් පවසන පරිදි භාජන දෙකකට ව්‍යාජ මිදි ගෙඩි දැමීම සම්බන්ධයෙන් කළ තුන්වැනි අත්හදා බැලීමකින් ද එවැනි ම සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණා.

එහෙත් කැන්සි මිනිසුන් මෙන් මනඃකල්පිත ලෙස සෙල්ලම් කරන බව සියලු ම විද්‍යාඥයෝ පිළිගන්නේ නැහැ. කෝප්පයකට යුෂ වත් කරන බව පරිකල්පනය කිරීමත්, එය සැබෑ දෙයක් ලෙස මවාගනිමින් දිගින් දිගට ම පවත්වාගෙන යාමත් අතර වෙනසක් ඇති බව ඩියුක් විශ්ව විද්‍යාලයේ සංසන්දනාත්මක මනෝ විද්‍යාඥ මයිකල් ටොමසෙලෝ පෙන්වා දෙනවා.

“එය විශ්වාස කිරීමට නම්, කැන්සි විසින් ම ඇත්ත වශයෙන් ම භාජනයකට ජලය වත් කරන බවට රඟපානවා දැකිය හැකි විය යුතුයි,” යනුවෙන් ටොමසෙලෝ පවසනවා.

කැන්සි හැදී වැඩුණේ මිනිසුන් අතර බැවින්, ඔහුගේ මෙම හැකියාවන් සියලුම වානරයන්ට පොදු වූවක් ද නැතහොත් ඔහුගේ විශේෂිත භාරකාරීත්වය නිසා ඇති වූවක් ද යන්න පැවසීම අපහසු ව තිබුණා. කනගාටුවට කරුණ නම් සිය චර්යා ඇසුරෙන් සිදු කළ මෙම අධ්‍යයනය පළ වීමටත් පෙර, පසුගිය වසරේ කැන්සි මිය ගොස් තිබීමයි. එවිට ඔහු 44 හැවරිදි ව සිටියා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/078Anvi
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!