zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බ්ලැක් බියුටි සතු ජල ප්‍රතිශතය සිතා සිටියාට වඩා වැඩි බව හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පොළොවට වැටුණු පැරැණිතම මෙන් ම ප්‍රසිද්ධම අඟහරු පාෂාණයක අතීත ජලය පිළිබඳ සාධක හමු වූ බව නව අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. නියුට්‍රෝන පරිලෝකන ක්‍රමවේදයක් යටතේ සිදු කෙරුණු මෙම සොයාගැනීමෙන්, රතු ග්‍රහයාගේ ජලය සහිත අතීතය පිළිබඳවත්, එහි ජීවයක් පැවතුණේ නම් එහි ස්වර්ණමය යුගය පැවති යුගය පිළිබඳවත් හෝඩුවාවන් හෙළි කරගැනීමට රුකුල් සැපයෙනවා.

MWA 7034 ලෙස නම් කර ඇති පොදු ව්‍යවහාරයේ Black Beauty ලෙස හැඳින්වෙන මෙම උල්කාපාතය වෙනත් අභ්‍යවකාශ පාෂාණයක් අඟහරු මත ගැටීමේ දී අභ්‍යවකාශයට විසි වී ගිය අඟහරු පාෂාණයක්. ග්‍රෑම් 320ක් බරැති මෙම පාෂාණය සහරා කාන්තාරයේ මොරොක්කානු කලාපයේ වැටී තිබිය දී සොයාගැනුණේ 2011 වසරේ දීයි.

විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි Black Beautyගේ සම්භවය ඇත්තේ අඟහරුගේ සමකාසන්නයේ ඇති කිලෝමීටර 10ක් පළලැති කරාතා ආවාටයේ යි. ආවටයට හේතු වූ ඝට්ටනයෙන් එය පිටත අභ්‍යවකාශයට විසි වී ගොස් ඇත්තේ අදින් වසර මිලියන 5ත්, වසර මිලියන 10ත් අතර කාලයකට ඉහත දීයි. එහෙත් විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි මෙම පාෂාණයේ සම්භවය වසර බිලියන 4.44ක් දක්වා ඈතට විහිදී යනවා. ඒ නිසා ම Black Beauty මෙතෙක් හමු වූ පැරැණිතම අඟහරු උල්කාපාතය බවට පත් ව තිබෙනවා.

2013 වසරේ පටන් Black Beauty තුළ ජලය පිළිබඳ සාධක ඇති බව විද්‍යාඥයන් දැන සිටියා. නවතම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ මෙහි ඇති ජලය පිළිබඳ සාධකවලින් අඟහරු මතුපිට ජලය ක්ෂුද්‍ර ජීවයකට ප්‍රශස්ත අන්දමින් මඳ පමණ උෂ්ණත්වයකින් යුතු වන්නට ඇති බවයි. එය අඟහරු මත ක්ෂුද්‍ර ජීවයත් පැවතියේ ය යන අදහසට නව බලාපොරොත්තු ගෙන එනවා.

මෑතක් වන තුරු ම විද්‍යාඥයන් හට එහි සිර වූ ජල අංශු සොයා මෙම පාෂාණය විශ්ලේෂණය කරන්නට සිදු වූයේ එය කුඩා කොටස්වලට වෙන් කිරීමෙන් පසුවයි. එනිසා ඒ ගැන වැඩිමනක් තොරතුරු හෙළිකර ගැනීමට ඔවුන් අපොහොසත් වුණා.

නමුත් මේ නවතම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ නව පරිලෝකන ක්‍රමවේදයන් ඔස්සේ එම අභියෝගය සාර්ථක ලෙස ජයගත හැකි බවයි. නියුට්‍රෝන පරිලෝකන ක්‍රමවේදයක් ඔස්සේ මෙහි දී පර්යේෂකයන් හෙළි කරගෙන ඇත්තේ පාෂාණයේ සමස්ත ස්කන්ධයෙන් 0.6%කට වගකිව යුත්තේ ජලය බවයි. මෙය එතරම් දැවැන්ත අගයක් නො වූවත්, මින් පෙර සිදු කළ අනුමානවලට වඩා සැලකිය යුතු තරමේ විශාල අගයක් වනවා.

Live Science ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/5jvrR0B
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!