zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔර්කාවන් සන්ෆිෂ් මසුන් කැබලිවලට කඩා දමන හැසිරීමක් ප්‍රකට කරන බව නිරීක්ෂණය වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ගල්ෆ් ඔෆ් කැලිෆෝනියා මුහුදු තීරයේ වෙසෙන මිනීමරු තල්මසුන් හෙවත් ඕර්කාවුන්ගේ අපූරු මෙන් ම විස්මිත හැසිරීමක් පිළිබඳව විද්‍යාඥයින් විසින් නවතම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඉතා සූක්ෂම සහ සාමූහික දඩයම් ක්‍රමවේද සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම දරුණු සාගර ක්ෂීරපායීන්, දැන් යෝධ සන්ෆිෂ් (Sunfish) මත්ස්‍යයින්ගේ ඇඟේ වේගයෙන් ගැටී ඔවුන්ගේ සිරුරු කුඩා කැබලිවලට කඩා දැමීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම සුවිශේෂී හැසිරීම පළමුවරට නිරීක්ෂණය කර ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදීයි. මෙක්සිකෝවේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන එරික් හිගුවේරා රිවාස් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කෙරුණු මේ නිරීක්ෂණයට අනුව, එක් ඔර්කාවෙකු අතිශය වේගයකින් පැමිණ යෝධ මත්ස්‍යයෙකුගේ ඇඟේ ගැටීමෙන් සිදුකරන දැවැන්ත බලපෑම ඔවුන්ව මවිතයට පත් කිරීමට සමත් ව තිබෙනවා. ඉන් අනතුරුව 2024 සහ 2025 වසරවල දී ද මෙවැනි ම සිදුවීම වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව Frontiers in Ethology ජර්නලයේ නවතම පර්යේෂණ පත්‍රිකාවක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

මෙහි දී මෙම සතුන් යොදාගන්නා ක්‍රමවේදය අතිශය සංවිධානාත්මක එකක් බව නිරීක්ෂණය වුණා. මුලින් ම එක් ඔර්කාවෙකු විසින් අදාළ සන්ෆිෂ් මත්ස්‍යයාව කිසිදු චලනයක් සිදුකළ නො හැකි පරිදි ග්‍රහණයට ගනු ලබන අතර, ඉන්පසු අනෙක් ඔර්කාවා ඈතට පිහිනා ගොස් අධික වේගයකින් පිහිනාගෙන පැමිණ සන්ෆිෂ් මත්ස්‍යයාගේ සිරුරේ මුළු ශක්තියම යොදා ගැටීම සිදු කරනවා. මෙය එක් අයෙකු කිනිහිරයක් ලෙසත්, අනෙකා මිටියක් ලෙසත් ක්‍රියා කරනවාක් වැනි සාමූහික ක්‍රියාවලියක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

වඩාත් පුදුමයට කරුණ වන්නේ, මෙම ප්‍රබල ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වන විටත් බොහෝ දුරට එම මත්ස්‍යයින් මියගොස් සිටීමයි. පර්යේෂකයින් විශ්වාස කරන්නේ මිනීමරු තල්මසුන් විසින් සන්ෆිෂ් මත්ස්‍යයාගේ පෝෂ්‍යදායක අභ්‍යන්තර අවයව ආහාරයට ගැනීමෙන් පසු ව, ඉතිරිවන සිරුර කුඩා කැබලිවලට කඩා ගැනීම සඳහා මෙම උපක්‍රමය භාවිත කරන බවයි. සන්ෆිෂ් මත්ස්‍යයින්ගේ සම ඉතා ඝන කොලජන් තට්ටුවකින් නිර්මාණය වී ඇති බැවින් එය දත්වලින් ඉරා දැමීම අපහසු කාර්යයක් වනවා. එම නිසා ඔවුන්ගේ දත්වලට වඩා ශරීරයේ විශාල චාලක ශක්තිය යොදාගෙන මෙම ඝන සම කළමනාකරණය කළ හැකි කුඩා කැබලිවලට කඩා දැමීමට ඔර්කාවන් හුරු වී තිබෙනවා.

මෙය හුදෙක් ආහාර ගැනීම පහසු කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව, තරුණ තල්මසුන්ට දඩයම් කිරීම පුහුණු කිරීමේ සහ ඔවුන් අතර සමාජ බැඳීම් වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් විය හැකි බව ද විද්‍යාඥයින් වැඩිදුරටත් අනුමාන කරනවා. මන්ද යත්, සන්ෆිෂ් මත්ස්‍යයින් යනු ඉතා සෙමින් ගමන් කරන, ආරක්ෂක උපක්‍රම නොමැති සතුන් විශේෂයක් වන බැවින්, යොවුන් තල්මසුන්ට කිසිදු අවදානමකින් තොර ව තම පහරදීමේ ඉලක්කය නිවැරදිව පුහුණු වීමට කදිම අවස්ථාවක් සලසා දෙන බැවිනුයි. වැඩිදුර නිරීක්ෂණ මඟින් මෙම තොරතුරු තහවුරු වුවහොත්, මෙය මිනීමරු තල්මසුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන තවත් එක් අපූරු දඩයම් සම්ප්‍රදායක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති.



from Vidusara Science Magazine https://ift.tt/69hiLe5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!