zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Polaris Dawn මෙහෙයුම දියත් වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලොව පළමු වැනි වතාවට පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් මඟින් සිදු කෙරෙන අභ්‍යවකාශ සක්මන අරමුණු කරගනිමින් SpaceX සමාගමේ Polaris Dawn මෙහෙයුම අද අලුයම අභ්‍යවකාශගත කෙරුණා. ඒ සිව් දෙනෙකුගෙන් සමන්විත ගගනගාමී කණ්ඩායමක් සමඟයි. ඒ අතර මෙහෙයුම සඳහා වැය වන පිරිවැයෙන් කොටසක් සඳහා දායකත්වය සපයන බිලියනපති ව්‍යවසායක Jared Isaacman ද වනවා. මෙහෙයුම දියත් වූයේ ෆ්ලොරිඩාවේ සිට SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන්. මෙහෙයුම දින පහක කාලයක් පුරා දිවෙන අතර අභ්‍යවකාශ සක්මන එලැඹෙන බ්‍රහස්පතින්දාට යෙදී තිබෙනවා.

1965 සෝවියට් දේශය විසින් දියත් කෙරුණු Voskhod 2 කැප්සියුලයෙන් පිටතට පැමිණි ඇලෙක්ෂි ලියනොෆ් ලොව පළමු වැනි අභ්‍යවකාශ සක්මනේ නිරත වූ ගගනගාමියා බවට පත් වුණා. වර්තමානයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට නිතිපතා සිදු වන ක්‍රියාකාරකමක් වුවත්, අභ්‍යවකාශ තරණයේ ඇති භයානක ම අංගයක් ලෙස සැලකෙන අභ්‍යවකාශ සක්මන මෙතෙක් සිදු කරනු ලැබුණේ වෘත්තීමය අභ්‍යවකාශගාමීන් විසින් පමණයි. සියල්ල සැලසුම්වලට අනුව සිදු වේ නම්, වෘත්තීමය ගගනගාමියෙකු නො වන අයෙකු අභ්‍යවකාශ සක්මනක නිරත වන පළමු වැනි අවස්ථාව ලෙස Polaris Dawn ඉතිහාසයගත වීමට නියමිතයි.

සක්මනට පෙර ගගනගාමීන් සිව් දෙනා රැගත් Crew Dragon කැප්සියුලය පෘථිවියේ සිට කිලෝමීටර 1,400ක එනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ පවති කක්ෂයටත් ඔබ්බෙන් පිහිටන කක්ෂයක් වෙත පිවිසීමට නියමිතයි. මින් පෙර පෘථිවියේ සිට එතරම් දුරකට ගොස් ඇත්තේ සඳ බලා පිටත් වූ Apollo මෙහෙයුමේ ගගනගාමීන් පමණක් වීම සුවි‍ශේෂත්වයක්.

සැලසුමට අනුව සූර්ය විකිරණය දැඩි ලෙස බලාත්මක මේ කලාපය තුළ පැය දහයක කාලයක් ගත කිරීමෙන් අනතුරු ව පෘථිවියේ සිට අවම උන්නතාංශය කිලෝමීටර 700ක් වන ඉලිප්සාකාර කක්ෂයකට අවතීර්ණ වන Polaris Dawn හබල් දුරේක්ෂය සහ අභ්‍යවකාශ නැවතුම්පොළ ගමන් ගන්නා කක්ෂයට ආසන්න වනු ඇති.

ගගනගාමීන් සිව් දෙනා ම ඇඟලාගෙන සිටින විශේෂිත ඇඟලුම අභ්‍යවකාශ රික්තයට සහ විකිරණයට දැඩි ලෙස ඔරොත්තු දෙන ලෙස විශේෂයෙන් ම තනා තිබෙන්නේ අභ්‍යවකාශ සක්මන අතරතුර මුළු කැප්සියුලය ම අවපීඩනයට ලක් වීම හේතුවෙන්.

Isaacman සහ SpaceX ගගනගාමී Sarah Gillis වරින් වර කැප්සියුලයෙන් පිටතට පිවිසීමට නියමිතයි. ඔවුන් පිටත අභ්‍යවකාශය තුළ සිය විශේෂිත අභ්‍යවකාශ ඇඳුමේ හැසිරීම පරික්ෂා කර බැලීම සඳහා විවිධ සුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට නියමිතයි. මේ සියල්ල සිදු වන අතරේ ඔවුන් පාදයක් හෝ අතක් කැප්සියුලය හෝ ආධාරක ව්‍යුහය ස්පර්ශ වන සේ තබාගෙන සිටිය යුතුයි. ඔවුන් කිසි ලෙසකින් වත් අඩි 12ක් දිගු ආධාරක රැහැනට පමණක් බර දී එල්ලී සිටින ඉරියව්වකට නො යා යුතු බව වාර්තා වනවා.

ගුවන් හමුදා නියමු Scott “Kidd” Poteet සහ SpaceX ගගනගාමිනී Anna Menon අවපීඩිත කැප්සියුලය තුළ රැඳී සිටිමින් සිය සගයන් දෙදෙනාගේ අභ්‍යවකාශ සක්මන සමීප ව නිරීක්ෂණය කිරීමට නියමිතයි. SpaceX විසින් සිදු කෙරෙන සියලු ම නියම මෙහෙයුම් මෙන් මෙය ද ෆ්ලොරීඩාවට ඔබ්බෙන් සාගරය මතට පහත් කිරීමෙන් ජයග්‍රාහී අවසානයක් කරා ළඟා වීමට නියමිත ව තිබෙනවා. ඒ මෙහෙයුම ආරම්භ වී ගත වන සය වැනි දිනයේ යි.

Washington Post ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!