දවසක හැබෑ කරගන්නම ඕනේ හීනයක් තමයි මේක
ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය ලෙස හදුන්වන අතර එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියාවටයි. ඇල්ප්ෆ් කදුවැටියෙන් භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. සමස්ත භූමියෙන් 4.2% ක් ජලය පවතී. එහි ජනගහනය වන මිලියන 8.7 වේ. එරට ජනඝනත්වය වර්ග කිලෝමීටරයට 211 ක් වේ. ස්විට්සර්ලන්තයේ මුදල් ඒකකය ස්විස් ෆ්‍රෑන්ක් ය. ස්විට්සර්ලන්තයේ අගනුවර වන්නේ ජිනීවා නුවරයි. ස්විට්සර්ලන්තය යුරෝපානු සංගමයේ රටකි.
ස්විට්සර්ලන්තය සතුව ස්ථීර රාජ්‍ය නායකයෙකු නොමැති අතර චන්දයෙන් පත්වෙන පාර්ලිමේන්තු සභිකයින් සත් දෙනෙකු විසින් රට වසර බැගින් පාලනය කරනු ලබයි.
ස්විට්සර්ලන්තය කොකෝවා වැවෙන්නේ නැති වැඩිම චොකලට් ප්‍රමාණයක් පරිභෝජනය කරන ලොව ප්‍රධානතම රටයි. ස්විස් චොකලට්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. වසරකට ස්විට්සර්ලන්තය චොකලට් මෙට්‍රික් ටොන් 64 ක් පමණ පරිභෝජනය කරන බව පැවසේ. තවද චීස්වල උපන් රට ලෙසද සලකනු ලබන්නේ ඔවුන් විටින් විට චීස්වල අන්තර්ගතයන් වෙනස් කරමින් චීස් කර්මාන්තය දියුණු කරන බැවිනි.
ලොව වැඩිම රත්‍රං ප්‍රමාණයක් ගබඩා කර ඇති රටවල් 10 අතරද ඔවුන් සිටින අතර එරට ජනගහනය මිලියන 8.7 ක් බැවින් ලෝකේ වැඩිම රත්‍රං සංචිත ඒකපුද්ගල ප්‍රමාණයක් ඇති රට බවටද ස්විට්සර්ලන්තය පත්ව ඇත. ඔවුන් සතුව ඇති රත්‍රං ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500 කට ආසන්නය.
යුරෝපයේ ජල උල්පත ලෙස හදුන්වනු ලබන්නේ ස්විට්සර්ලන්තයයි. පිරිසිදු ජලය පිරි ලෝකයේ ධනවත්ම රට ලෙසද හදුන්වයි. එරට සතුව විල් 1500 ක් පවතිනවා. එරට 2/3 ක්ම කදුවලින් සමන්විත වේ. එරට සුප්‍රසිද්ධම කදුවැටිය වන්නේ ඇල්ප්ෆ්ය. එරට කදු මුදුන් 208 කින් යුක්ත වේ. ලෝකයේ දිගම දුම්රිය උමගද ස්විට්සර්ලන්තය සතුවන අතර එය කිලෝමීටර් 57.1 ක් දිගින් යුක්ත වේ. එය සෑදීමට වසර 17 ක් ගොස් ඇත. යුරෝපයේ උසම දුම්රිය ස්ථානයද එහි පිහිටා ඇත.
සියලුම මිනිසුන් කොතරම් සංචාරය කළද ජීවත්වීමට කැමති තම මව්රටේය. නමුත් ස්විට්සර්ලන්තයට ගිය කෙනෙකු නැවත පිටවීමට කැමැත්තක් නොදක්වයි. එයට හේතුව එරට ලෝකේ සුන්දරම රට වීම නිසාය. ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතරින් ස්විට්සර්ලන්තයට හිමිවන්නේ 3 වන ස්ථානයයි. ස්විට්සර්ලන්තය යනු මිහිපිට සුරපුරයකි. තවද සල්ලිකාරයන්ගේ රට ලෙසද හදුන්වයි.
ඉතිම් චාන්ස් එකක් ආවොත් අනිවාරෙන් ඒ රටට ගිහින් බලන්න. කලින් කිව්ව වගේ ඒ රට දාලා එන්න හිතෙන්නෙ නම් නැති වෙයි
Alan Crew°
සිහින පාරාදීසයක පියමන් කියන ස්විට්සර්ලන්තය

Shadila
... minute pre-reading
Voice Reading
Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment