zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය ද්විත්ව තරු පද්ධතියක් පළමු වරට සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය ද්විත්ව තරු පද්ධතියක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. සුප්‍රකට Star Wars චිත්‍රපටයේ එන ටැටූන් ග්‍රහලෝකයේ ද්විත්ව සූර්යයන්ට සමාන පද්ධතියක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, මෙම තරු දෙක ම දැවැන්ත පිපිරීම්වලින් විනාශ වී එම පද්ධතියේ ශේෂයන් පමණක් මේ වන විට ඉතිරි වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක මිල්ටියාඩිස් මිහයිලිඩිස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින්. ඔහු පෙන්වා දෙන පරිදි, විශ්වයේ ඇති දැවැන්ත තරු බහුල ව ද්විත්ව පද්ධති ලෙස පැවතුණ ද, එම තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය අවස්ථාවක් මින් පෙර කිසි දා නිරීක්ෂණයට ලක් වී තිබුණේ නැහැ. මෙවැනි පද්ධති සොයා ගැනීම අතිශය දුෂ්කර වන්නේ, තරු දෙක ඉතා ආසන්නව පිහිටා තිබුණහොත් ඒවායේ පිපිරීම් අවසානයේ තනි සුපර්නෝවාවක් ලෙස දිස්විය හැකි බැවිනුයි. එමෙන් ම පළමු තරුව පුපුරා යාමේ දී ඇතිවන කම්පනය නිසා අනෙක් තරුව බොහෝ දුරකට විසි වී යාමට ඇති හැකියාව ද මෙවැනි පද්ධති නිරීක්ෂණයෙන් මඟහැරී යාමට තවත් ප්‍රධාන හේතුවක්.

මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,000ක් පමණ දුරින් මිථුන තාරකා මණ්ඩලයේ පිහිටි ජෙලිෆිෂ් නිහාරිකාව හෙවත් IC 443 නමැති සුපර්නෝවා ශේෂයයි. එහි හැඩය ජෙලිමත්ස්‍යයෙකුට සමාන වන බැවින් එයට එම නම ලැබී තිබෙනවා. මෙහි දී IC 443 ට ඉතා ආසන්න ව පිහිටි එතරම් දීප්තිමත් නොවන G189.6+3.3 නමැති තවත් සුපර්නෝවා ශේෂයක් කෙරෙහි ද විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමු වුණා.

NASA ආයතනයේ ෆර්මි ගැමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් වසර 16ක දත්ත මෙන් ම, මීට පෙර ලබාගත් එක්ස් කිරණ, ප්‍රකාශ සහ රේඩියෝ තරංග දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම අපූරු සොයාගැනීම තහවුරු කෙරුණා. IC 443 සහ G189.6+3.3 යන සුපර්නෝවා ශේෂයන් දෙක ම එක ම අන්තර් තාරකා හයිඩ්‍රජන් වලාකුළක ගැටෙමින් පවතින බව පර්යේෂකයින් එහි දී නිරීක්ෂණය කළා. අහඹු ලෙස මෙතරම් ආසන්නයේ එකිනෙකට සම්බන්ධ නොමැති සුපර්නෝවා ශේෂයන් දෙකක් පිහිටීමේ සම්භාවිතා ව දහසකින් එකක් පමණ වන බැවින්, මෙය අනිවාර්යයෙන් ම එකම ද්විත්ව තරු පද්ධතියක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

පර්යේෂකයන්ගේ ගණනය කිරීම්වලට අනුව G189.6+3.3 සුපර්නෝවාව වඩා පැරණි වන අතර ඔවුන් අනුමාන කරන්නේ එහි මව් තරුව මීට වසර 20,000 ත් 110,000 ත් අතර කාලයකට පෙර පුපුරා ගොස් ඇති බවයි. IC 443 පුපුරා ගොස් ඇත්තේ මීට වසර 8,000 ත් 9,000 ත් අතර කාලයක දීයි. අතිශය දැවැන්ත තරු වන මෙම මුල් තරු දෙක ම අපගේ සූර්යයා මෙන් 20 ගුණයකට වඩා විශාලත්වයෙන් යුක්ත වන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. දැවැන්ත ද්විත්ව තරු පරිණාමය වන ආකාරය සහ ඒවායේ අවසානය සිදුවන ආකාරය පිළිබඳව නව අවබෝධයක් ලබා දෙන මෙම අපූරු සොයාගැනීමේ පර්යේෂණ වාර්තාව ජූලි 21 වන දින Nature Communications ජර්නලයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/cpQCx3i
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!