zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ග්‍රහක අතර ගමන් කරන යානා සඳහා වූ සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චලනය වන ග්‍රහක කිහිපයක් වෙත ගමන් කරන අභ්‍යවකාශ යානා සඳහා වඩාත් කාර්යක්ෂම ගමන් මාර්ග සැලසුම් කළ හැකි නව ගණිතමය ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. මෙමඟින් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැය වන කාලය, මුදල් සහ ඉන්ධන විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

කැනඩාවේ මොන්ට්‍රියල් පොලිටෙක්නික් ආයතනයේ අයිසැක් රුඩිච් සහ ජර්මනියේ බීලෙෆෙල්ඩ් විශ්වවිද්‍යාලයේ මයිකල් රොමර් යන පර්යේෂකයන් විසින් මෙම නව විසඳුම ඉදිරිපත් කර තිබෙනවා. මෙම ගැටලුව ඔවුන් හඳුන්වන්නේ “ග්‍රහක මාර්ගගත කිරීමේ ගැටලුව” (Asteroid Routing Problem – ARP) ලෙසයි.

සාමාන්‍යයෙන් ගණිතයේ එන “සංචාරක වෙළෙන්දාගේ ගැටලුව” (Traveling Salesperson problem) මගින් නිශ්චල ස්ථාන කිහිපයක් අතර කෙටිම මාර්ගය සොයා ගත හැකි වුවත්, නිරන්තරයෙන් කක්ෂගත ව චලනය වන ග්‍රහක සම්බන්ධයෙන් මෙම සංකල්පය අතිශය සංකීර්ණ වනවා. ග්‍රහක අතර දුර සහ ගමන් කාලය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, අවම ඉන්ධන සහ කාලයක් වැය වන පරිදි නිවැරැදි ගමන් පථය තීරණය කිරීම විද්‍යාඥයින් හමුවේ තිබූ දැවැන්ත අභියෝගයක්.

මෙම සංකීර්ණත්වය මඟහරවා ගැනීම සඳහා පර්යේෂකයන් “තීරණ රූප සටහන්” (Decision Diagrams) නමින් හැඳින්වෙන ක්‍රමවේදයක් භාවිත කර තිබෙනවා. මෙමඟින් 1700 ගණන්වල සිට පැවත එන “ලැම්බර්ට්ගේ ගැටලුව” (Lambert’s problem) හෙවත් චලනය වන වස්තූන් දෙකක් අතර ප්‍රශස්ත ගමන් පථය සෙවීමේ ගණිතමය ගැටලුව විසඳීමට අවශ්‍ය වන ගණනය කිරීම් ප්‍රමාණය අවම කරනවා.

පර්යේෂකයන්ට අනුව, මෙම නව ක්‍රමවේදය මඟින් දැනට පවතින සම්මත ක්‍රමවේදවලට වඩා 20% ක පමණ වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගත හැකියි. NASA ආයතනයේ Lucy වැනි ග්‍රහක කිහිපයක් වෙත යන මෙහෙයුම් සඳහා මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම පර්යේෂණය අභ්‍යවකාශයට පමණක් නොව, පෘථිවියේ පවතින බස් රථ ගමන් මාර්ග සැලසුම් කිරීම, සැපයුම් ජාල සහ නැව් ගමනාගමනය වැනි ක්ෂේත්‍ර සඳහා ද යොදා ගත හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ම කාලගුණය සහ මාර්ග තදබදය වැනි නිරන්තරයෙන් වෙනස් වන සාධක පවතින අවස්ථාවල දී මෙම ගණිතමය ආකෘතිය වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම පර්යේෂණයේ වාර්තාව අප්‍රේල් 02 දින INFORMS Journal on Computing ජර්නලයේ ප්‍රකාශයට පත් කෙරුණා.



from Vidusara Science Magazine https://ift.tt/5Bq1JOk
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!