zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Artemis II මෙහෙයුමෙන් අලුත් වන වාර්තා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

දැනට මිනිසුන් පෘථිවියේ සිට වැඩි ම දුරකට පිවිසි වාර්තාවට හිමිකම් කියන්නේ 1970 දියත් වූ Apollo 13 මෙහෙයුමයි. චන්ද්‍රයා මතට ගොඩබැසීම අරමුණු කරගෙන පිටත් වුවත් මෙහෙයුමේ දෙවැනි දිනයේ දී සේවා මොඩියුලය සතු ඔක්සිජන් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් ගොඩබැස්මක් සිදු නො කර සඳ වටා ගොස් පෘථිවියට පැමිණීමට එයට සිදු වුණා. අනෙකුත් චන්ද්‍ර මෙහෙයුම් සඳ වටා ගියේ චන්ද්‍ර පෘෂ්ඨයට කිලෝමීටර 100ක් පමණ දුරින් වුවත්, Apollo 13ට එය සිදු කිරීමට වූයේ කිලෝමීටර 254ක උන්නතාංශයකින්. එම නිසා එහි ගගනගාමීන් වූ ජිම් ලොවෙල්, ජැක් ස්විගර්ට් සහ ෆ්‍රෙඩ් හේස් පෘථිවියේ සිට වැඩිම දුරකට ගිය මිනිසුන් බවට පත් වුණා.

Artemis II මෙහෙයුමේ දී Integrity යානය (මෙම මෙහෙයුමේ දී Orion කැප්සියුලය සහ සේවා මොඩියුලය පොදුවේ හැඳින්වෙන ගගනගාමීන් විසින් යෝජනා කර ඇති නාමය Integrity ය) ගමන් කරන්නේ චන්ද්‍ර පෘෂ්ඨයට කිලෝමීටර 6,437ත් 9,656ත් (සැතපුම් 4,000-6,000) අතර දුර ප්‍රමාණයක් පවත්වා ගනිමින්. ඒ අනුව Apollo 13 මෙහෙයුමෙන් තැබූ වාර්තාව ඛණ්ඩනය කරමින් පෘථිවියේ සිට වැඩි ම දුරකට ගිය මිනිසුන් බවට පත් වීමට රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් සමත් වනවා. Apollo 13 පෘථිවියේ සිට ගමන් කළ උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර 400,171ක් වන අතර, Artemis II දළ වශයෙන් කිලෝමීටර 406,842.23ක උපරිම දුරක් වාර්තා කිරීමට නියමිතයි. මේ දුර ප්‍රමාණයේ වෙනස නිසා ම Apollo ගගනගාමීන් සඳෙහි අඳුරු පස දුටුවාට වඩා සවිස්තරාත්මක ලෙස එය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇතැ යි බලාපොරොත්තු වනවා.

එසේ ම චන්ද්‍ර මෙහෙයුමක නියුතු පළමු කළු ජාතිකයා ලෙස නියමු වික්ටර් ග්ලෝවර් ද, චන්ද්‍ර මෙහෙයුමක නියුතු පළමු කාන්තාව ලෙස මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටීනා කොක් ද වාර්තා අතරට එකතු වනවා. කැනේඩියානු අභ්‍යවකාශ නියෝජිතායතනය නියෝජනය කරමින් ගමනට එක් ව සිටින ජෙරමි හැන්සන් වාර්තා අතරට එක් වන්නේ චන්ද්‍ර මෙහෙයුමක නියුතු ඇමරිකානුවෙකු නො වන පළමුවැන්නා ලෙසයි. ඒ අනුව, ඇමරිකාවට පසු මිනිසෙකු චන්ද්‍ර මෙහෙයුමකට සහභාගී කර වූ දෙවැනි රට බවට කැනඩාව නිරායාසයෙන් ම පත් වනවා.

චන්ද්‍ර මෙහෙයුමක නිරත වූ වයස්ගත ම පුද්ගලයා ලෙස මෙතෙක් සැලකුණේ 1971 Apollo 14 මෙහෙයුමේ අණ දෙන්නා ලෙස කටයුතු කළ එවක 47 වැනි වියේ පසු වූ ඇලන් ශෙපර්ඩ්. එම වාර්තාව අලුත් වන්නේ Artemis II මෙහෙයුමේ අණ දෙන්නා වන 50 හැවිරිදි රීඩ් වයිස්මන් අතින්.

පෘථිවියට වැඩි ම දුරකින් කක්ෂකට අවතීර්ණ වූ නියමු මෙහෙයුම බවට ද Artemis II මේ වන විටත් පත් ව තිබෙනවා. ඒ පෘථිවියේ සිට උපරිම දුර හෙවත් පෘථිවි දුරකය කිලෝමීටර 70,000ක් පමණ වන පරිදි දැවැන්ත ඉලිප්සීය කක්ෂයකට අවතීර්ණ වීමෙන්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1966 දී පෘථිවියට කිලෝමීටර 1,369ක් ඈතින් කක්ෂගත වූ Gemini 11 මෙහෙයුමයි.

ආපසු එන ගමනේ දී ඔරායන් කැප්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැ යි බලාපොරොත්තු වන්නේ පැයට කිලෝමීටර 40,000ක වේගයකින්. එය ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයක් අත් කරගත් වැඩිම වේගය ලෙස වාර්තා අතරට යනු ඇති අතර, මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1969 දී ප්‍රථම වරට මිනිසුන් සඳ මතට ගෙනගොස් ආපසු එන ගමනේ දී පැයට කිලෝමීටර 39,897ක වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ Apollo 10 මෙහෙයුමයි.



from Vidusara Science Magazine https://ift.tt/SBt6hr4
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!