zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Artemis II දියත් කිරීමේ වගකීම දැරූ NASA ඉතිහාසයේ ප්‍රථම දියත් කිරීම් අධ්‍යක්ෂවරිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අඩසියවසකට වැඩි විරාමයකට පසු යළිත් වරක් මිනිසුන් සහිත ව සඳ වටා ගමන් කරන NASA ආයතනයේ ඓතිහාසික Artemis II මෙහෙයුමේ දියත් කිරීම් අධ්‍යක්ෂවරිය (Launch Director) ලෙස කටයුතු කරනු ලැබුවේ චාලි බ්ලැක්වෙල්-තොම්සන් (Charlie Blackwell-Thompson) මහත්මියයි. ඇය NASA ඉතිහාසයේ මෙම තනතුරට පත් ප්‍රථම කාන්තාව ලෙස ද වාර්තා අතරට එක් ව සිටින අතර, අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක් සනිටුහන් කිරීමේ ප්‍රධාන නියමුවරියක් බවට ද පත් ව සිටින තැනැත්තියක්.

2016 වසරේ දී NASAහි ගවේෂණ භූමි පද්ධති වැඩසටහනේ (Exploration Ground Systems program) දියත් කිරීම් අධ්‍යක්ෂවරිය ලෙස පත් වූ චාලි තොම්සන්, මීට පෙර 2022 දී අතිසාර්ථක ලෙස දියත් වූ Artemis I නියමු රහිත මෙහෙයුමේ ද දියත් කිරීම් අධ්‍යක්ෂ භූමිකාව ඉටු කළා. ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පාලන මැදිරියේ සිට දියත් කිරීමේ අවසන් පැය කිහිපයේ සම්පූර්ණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ දැවැන්ත වගකීම පැවරී පැවරෙන්නේ ඇගේ උරහිස් මතටයි.

Artemis I මෙහෙයුමට වඩා Artemis II මෙහෙයුම ඇයට සුවිශේෂ වන්නේ, අභ්‍යවකාශ ගමනක අවදානම් සහගත ම අවස්ථාව ලෙස සැලකෙන දියත් කිරීමේ අවස්ථාවේ දී ගගනගාමීන් සිව් දෙනෙකුගේ ජීවිතවල වගකීම ද ඇගේ උර මත පැටවෙන බැවිනුයි.

ඒ අනුව ලොව පියාසර මට්ටමේ තිබෙන බලවත් ම රොකට්ටුව වන Space Launch System (SLS) සහ Orion අභ්‍යවකාශ යානය නිරුපද්‍රිත ව අභ්‍යවකාශයට යැවීම සඳහා සියලු ම පද්ධති සූදානම් ද යන්න පරීක්ෂා කර, දියත් කිරීම සඳහා ලබා දෙන අවසන් තීරණයේ (Go/No-Go decision) සම්පූර්ණ අධිකාරිය පැවතියේ ඇය අතේයි.

ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ කාර්මික ශිල්පීන් සිය ගණනකින් යුත් දැවැන්ත කණ්ඩායමක් ඇයගේ සෘජු අධීක්ෂණය යටතේ කටයුතු කරනවා.

“මෙය හුදෙක් මගේ ජයග්‍රහණයක් පමණක් නොවෙයි, එය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම කාන්තාවන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්,” යනුවෙන් ඇය සිය තනතුර පිළිබඳව අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශ කර තිබුණා. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) ක්ෂේත්‍රයන්හි නිරත වීමට බලාපොරොත්තු වන ලොව පුරා තරුණියන්ට චාලි තොම්සන් පූර්වාදර්ශයක්.

Artemis II මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ, අනාගතයේ දී මිනිසුන් සඳ මතට ගොඩබස්වන Artemis III මෙහෙයුමට මෙන් ම, අඟහරු ගවේෂණ මෙහෙයුම් සඳහා ද නව දොරටු විවර වනු ඇති බව අවිවාදිතයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම දමමින්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සටහන් කරගැනීමට චාලි බ්ලැක්වෙල්-තොම්සන් මේ වනවිටත් සමත් ව සිටිනවා.



from Vidusara Science Magazine https://ift.tt/1vRcf3X
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!