zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නව කොවිඩ් වයිරස ප්‍රභේදය ‘සිකාඩා’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2024 වසරේ දී ප්‍රථම වරට හඳුනාගැනුණු, නමුත් මෑතක දී යළිත් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති BA.3.2 නමැති නව කොවිඩ්-19 ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය මේ වන විට සෞඛ්‍ය අංශවල අවධානයට ලක් ව තිබෙනවා. මෙම ප්‍රභේදයට “සිකාඩා” (Cicada) යන නාමය භාවිත කරනු ලබන්නේ, සිකාඩා කෘමියාගේ ජීවන රටාවට සමාන ව කලක් සැඟව සිට නැවත මතුවීමේ රටාවක් එය ප්‍රකට කරන බැවිනුයි. මුලින් ම 2024 නොවැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් මෙම වෛරස ප්‍රභේදය, 2025 ජුනි මාසයේ දී එක්සත් ජනපදයට පැමිණි සංචාරකයෙකුගෙන් හමු වූ අතර, ඉන් අනතුරු ව පසුගිය වසරේ අගභාගය වන තෙක් ඒ පිළිබඳ කිසිදු වාර්තා වීමක් සිදු වූයේ නැහැ. කෙසේ වෙතත්, ඉකුත් වසර අවසානයේ දී සහ මේ වසරේ මුල් භාගයේ දී මෙය ඇමරිකාව තුළ යළිත් හිස ඔසවමින් පවතිනවා.

දැනට පවතින දත්තවලට අනුව, එක්සත් ජනපදය තුළ සිකාඩා ප්‍රභේදය තවමත් සුළු වශයෙන් ව්‍යාප්ත වන මට්ටමක පැවතුණ ද, පෙබරවාරි 11 වන විට ප්‍රාන්ත 25කින් වාර්තා වී තිබෙනවා. නමුත් උතුරු යුරෝපීය රටවල් වන ජර්මනිය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය වැනි රටවල කොවිඩ් රෝගීන්ගෙන් 30%ක් පමණ මෙම සිකාඩා ප්‍රභේදය වැළඳුණු අය බව හඳුනාගෙන ඇති බැවින්, උතුරු ඇමරිකානු කලාපය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මෙම ප්‍රභේදය ඕමික්‍රොන් ප්‍රභේදයට සමානකමක් පෙන්වුව ද අයත් වුව ද, දැනට පවතින ප්‍රමුඛ පෙළේ ප්‍රභේදවලට වඩා විකෘතිතා 70ත් 75ත් අතර ප්‍රමාණයකින් යුක්ත වීම විශේෂත්වයක්. මේ අධික විකෘතිතා හේතුවෙන් වත්මන් කොවිඩ් එන්නත් මඟින් ලබා දෙන ප්‍රතිශක්තිකරණ පවුර මඟහැර යාමට වෛරසයට හැකියාව තිබිය හැකි බවට විද්‍යාඥයෝ සැක පළ කරනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රභේදය පෙර පැවති ඒවාට වඩා භයානක ද යන්න පිළිබඳව නිශ්චිත ව ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව විශේෂඥ මතයයි. වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විලියම් ෂැෆ්නර් පෙන්වා දෙන්නේ මෙතෙක් ලැබී ඇති දත්තවලට අනුව සිකාඩා පෙර ප්‍රභේදවලට වඩා දරුණු බවක් හෝ වෙනස් ම ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවක් දක්නට නො ලැබෙන බවයි. රසායනාගාර පරීක්ෂණ මඟින් මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරීමේ හැකියාව අඩු බවට ඇතැම් ඉඟි ලැබී තිබුණ ද, එය දැනට පවතින අනෙකුත් ප්‍රභේද අභිබවා යන්නේ ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිතතාවයක්.

පවතින එන්නත්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව සලකා බලන විට, සිකාඩා ප්‍රභේදය ආසාදනය වීම වැළැක්වීමට එන්නත් එතරම් සමත් නො වුව ද, දරුණු ලෙස රෝගාතුර වීම වැළැක්වීමට ඒවා තවමත් උපකාරී වන බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ඩොනල්ඩ් මිල්ටන් පවසනවා. රෝග ලක්ෂණ මතු වූ වහා ම අනෙක් පුද්ගලයන්ගෙන් වෙන් ම සිට පරීක්ෂාවට ලක් වීම සහ වෛද්‍ය උපදෙස් පැතීම රෝග පාලනය සඳහා අත්‍යවශ්‍ය වන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/oYEjD68
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!