zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පිඹුරු රුධිරයේ ඇති අණුවකින් තරබාරුකමට නව ප්‍රතිකර්මයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පිඹුරන්ගේ රුධිරයේ අඩංගු සුවිශේෂී අණුවක් මඟින් තරබාරුකම පාලනය කළ හැකි නවතම ඖෂධ පන්තියක් නිපදවීමට මග පෑදිය හැකි බව විද්‍යාඥයෝ පවසනවා. Nature Metabolism ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයට අනුව, පිඹුරන්ගේ බඩවැල්වල සිටින බැක්ටීරියා මඟින් නිපදවන pTOS නම් මෙම අණුව, සර්පයාගේ සුවිශේෂී පරිවෘත්තීය ක්‍රියාවලියට සෘජු ව ම දායක වනවා. පිඹුරන් වරකට තම සිරුරේ බරට සමාන විශාල ගොදුරක් ගිල දැමීමට සමත් වන අතර, ඉන් පසු ව මාස ගණනාවක් යනතුරු කිසිදු ආහාරයක් නො ගෙන සිටීමේ හැකියාවෙන් ද යුතු වනවා.

මෙම සර්පයන් ආහාර ගත් පසු ව ඔවුන්ගේ හෘදය 25%කින් ප්‍රසාරණය වන අතර පරිවෘත්තීය වේගය 4,000 ගුණයකින් පමණ ඉහළ යන බව සොයාගෙන තිබෙනවා. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ආහාර ගැනීමෙන් පැය කිහිපයක් ඇතුළත පිඹුරන්ගේ රුධිරයේ pTOS අණුව 1,000 ගුණයකට වඩා වැඩි වන බවයි. මෙම අණුව තරබාරු මීයන්ට ලබා දුන් විට, ඔවුන් ආහාර ගැනීම සැලකිය යුතු ලෙස අඩු කර ඇති අතර, දින 28ක් ඇතුළත ඔවුන්ගේ ශරීර බරෙන් 9%ක් අඩු කර ගැනීමට සමත් ව තිබුණා.

දැනට ලොව පුරා භාවිත වන Wegovy වැනි GLP-1 ඖෂධ ක්‍රියා කරන්නේ ආමාශය හිස් වීම ප්‍රමාද කිරීම මඟින් වන අතර, ඉන් ඔක්කාරය, මලබද්ධය සහ බඩේ කැක්කුම වැනි අතුරු ආබාධ ඇති විය හැකියි. කෙසේ වෙතත්, pTOS අණුව ක්‍රියා කරන්නේ මොළයේ කුසගින්න සහ ආහාර ගැනීමේ හැසිරීම් පාලනය කරන හයිපොතලමස නම් ප්‍රදේශය මත බැවින් එවැනි අතුරු ආබාධ ඇති වීමේ අවදානම අඩු බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

pTOS අණුව ස්වභාවික ව ම මිනිස් මුත්‍රාවල ද සුළු වශයෙන් පවතින බැවින්, එය මිනිසුන්ට ආරක්ෂිත වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ, මෙම සොයාගැනීම තරබාරුකම සඳහා වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමට උපකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් සායනිකව භාවිත කිරීමට පෙර තවදුරටත් වැඩිදුර පර්යේෂණ සිදුවිය යුතු පසුබිමක පවතිනවා.

 



from Vidusara Science Magazine https://ift.tt/boPYcJl
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!