zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔහායෝ අහසේ උල්කාපාතයක් පුපුරා යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2026 මාර්තු 17 වන අඟහරුවාදා දින පෙරවරුවේ ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයට ඉහළ අහසේ උල්කාපාතයක් ගමන් කිරීම හේතුවෙන් ප්‍රබල අධිධ්වනි පිපුරුම් හඬක් හටගත් බව NASA ආයතනය තහවුරු කර තිබෙනවා. මෙම ශබ්දය ඔහායෝ ප්‍රාන්තයේ සිට කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි පෙන්සිල්වේනියා සහ නිව්යෝර්ක් ප්‍රාන්තවල වැසියන්ට පවා ඇසී තිබෙන බවට වාර්තා පළ වනවා.

NASA ආයතනයේ දත්තවලට අනුව, මෙම උල්කාපාතය එදින පෙරවරු 9:00 ට පමණ වායුගෝලයට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර් 72,000 කට අධික වේගයකින්. විෂ්කම්භයෙන් අඩි 6 ක් (මීටර් 2 ක්) පමණ වූ මෙම ග්‍රහකයේ බර ටොන් 7 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා. මෙය ප්‍රමාණයෙන් කුඩා උල්කාපාතයක් ලෙස සැලකුණ ද, එයින් නිකුත් වූ ශබ්දය ඉතා ප්‍රබල වූ බව වාර්තා වනවා.

ඔහායෝහි වැසියන් පවසා ඇත්තේ තම නිවෙස්වල වහලය මතට විශාල ගසක් කඩා වැටුණාක් වැනි ශබ්දයක් හෝ ගිගුරුම් සහිත වැස්සක හඬක් වැනි දීර්ඝ ශබ්දයක් ඇසුණු බවයි. ඇතැම් වැසියන් මෙය ගිනිකෙළි සංදර්ශනයක ශබ්දයට සමාන කර තිබුණා.

NASA ආයතනය සඳහන් කරන පරිදි, මෙම වස්තුව මුලින් ම දිස් වී ඇත්තේ ඊරි විලට (Lake Erie) ඉහළින් වන අතර, පසු ව එය ගිනිකොණ දෙසට ගමන් කර Valley City ප්‍රදේශයේ දී කැබලිවලට කැඩී ගොස් තිබුණා. මෙලෙස බිඳී ගිය උල්කාපාත කොටස් ඔහායෝ හි මෙඩිනා කවුන්ටියට පතිත වී ඇති බවට විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු සුන්බුන් කොටසක් හමු වී නොමැති අතර, එහි බොහෝ කොටස් වායුගෝලයේ දී ම දැවී විනාශ වන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙවැනි උල්කාපාත වසරකට 17,000 ක් පමණ පෘථිවියට පතිත වන නමුත්, ඒවා බොහොමයක් වායුගෝලයේ දී ම විනාශ වී යන බව නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/LU5iTr0
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!