ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදුකළ නළ ළිං කැණීමක දී සොයාගෙනු ලැබ තිබෙනවා.
දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා තහවුරු කළ පරිදි, මිනිත්තුවකට ලීටර් 10,000ක (ඝන මීටර් 10ක) අඛණ්ඩ ජල ධාරිතාවක් සහිත ජල මූලාශ්‍රයක් මෙරටින් හමු වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය මඩු ප්‍රදේශයෙන් හමු වී තිබූ අතර, එහි ධාරිතාව සටහන් වූයේ මිනිත්තුවකට ලීටර් 7,000ක් ලෙසයි.
මේ නල ළිං කැණීම සිදුකර ඇත්තේ පාෂාණ ස්තර පිළිබඳ කළ භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සහ නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් භූගත පැළුම් හඳුනාගැනීමෙන් පසුවයි.
මෙම ප්‍රබල ජල මූලාශ්‍රය ප්‍රයෝජනයට ගනිමින් පිටබැද්දර, මොරවක සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි ජල හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. කලක් තිස්සේ ජල හිඟයෙන් පීඩා විඳි ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීම ඉන් අපේක්ෂිතයි.
from Vidusara Science Magazine https://ift.tt/iorp8SJ
via Magazine







Post a Comment