zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Van Allen Probe A කඩා වැටෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනය විසින් 2012 වසරේ දී වෑන් ඇලන් පටි අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශයට යවන ලද Van Allen Probe A නම් යානය, ඉකුත් බදාදා උදෑසන පාලනයකින් තොර ව පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී ගියා. කිලෝග්‍රෑම් 600 ක් බරැති මෙම යානය, මෙක්සිකෝවට දකුණින් සහ ඉක්වදෝරයට බටහිරින් වූ පැසිෆික් සාගර කලාපයට පතිත වී තිබුණා. අවධානය යොමු විය යුතු කරුණ වන්නේ මෙය බලාපොරොත්තු වූවාට වඩා වසර කිහිපයකට පෙර සිදු වූවක් වීමයි.

මුලින් NASA ආයතනය ගණන් බලා තිබුණේ මෙම යානය 2034 වසරේ දී පෘථිවියට පැමිණෙනු ඇති බවයි. කෙසේ වෙතත්, සූර්ය ක්‍රියාකාරිත්වය (Solar cycle) අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි වීම නිසා ඇති වූ වායුගෝලීය බලපෑම හේතුවෙන් යානය කලින් ම කක්ෂයෙන් ඉවත් වී වායුගෝලයට ඇදී විත් තිබෙනවා.

Van Allen Probe A යානයේ සුන්බුන් කොටසක් මිනිසෙකුට හානි කිරීමේ අවදානම 4,200 න් 1 ක් වැනි ඉතා අඩු මට්ටමක පවතින බව NASA ආයතනය ප්‍රකාශ කර තිබුණා. යානය වායුගෝලයට ඇතුළු වන විට එහි වැඩි කොටසක් දැවී යන අතර, කිසිදු අනතුරක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී තිබුණේ නැහැ.

පෘථිවිය වටා ඇති විකිරණ පටි (Radiation belts) පිළිබඳ වැදගත් විද්‍යාත්මක සොයාගැනීම් රැසක් සිදු කිරීමට Van Allen Probe A සමත් වුණා. 2012 දී Van Allen Probe B නම් නිවුන් චන්ද්‍රිකාව ද සමඟ අභ්‍යවකාශගත කරන ලද මෙය දෙවසරක මෙහෙයුම් කාලයක් සඳහා තක්සේරු කර තිබුණත් වසර හතක කාලයක් ක්‍රියාත්මක වූ අතර, 2019 දී චන්ද්‍රිකා දෙක ම අක්‍රිය වුණා.

අභ්‍යවකාශ විශේෂඥයන් පවසන පරිදි, අභ්‍යවකාශ සුන්බුන් පෘථිවියට පතිත වීම සතියකට වරක් පමණ සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබෙනවා. කෙසේ වෙතත්, මෙවැනි විශාල යානා පාලනයකින් තොරව කඩා වැටීම නිසා ඇතිවිය හැකි අවදානම අවම කිරීම පිළිබඳව විද්‍යාඥයන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Space.com ඇසුරෙනි.



from Vidusara Science Magazine https://ift.tt/cCIag2W
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!