zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉරානයෙන් ආභාෂය ලබා, ඉරානයට ම බැටදුන් ඇමරිකානු ස්වයං නාශන ඩ්‍රෝනය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉකුත් පෙබරවාරි 28 වැනි දා ඇරඹුණු ‘එපික් ෆියුරි’ මෙහෙයුමේ දී ඉරානයේ ඉලක්ක වෙත පහර දීම සඳහා ඇමරිකාව සිය LUCAS කමිකාසි (ස්වයං විනාශන) ඩ්‍රෝන යානා ප්‍රථම වතාවට යොදාගෙන තිබෙනවා. මෙම ඩ්‍රෝනය එළිිදැක්වුණේ ඉකුත් වසරේ ජුනි මාසයේ දීයි.

ඇරිසෝනාහි SpektreWorks සමාගමේ නිෂ්පාදනය වන LUCAS හෙවත් Low-Cost ‌Uncrewed Combat Attack System ඩ්‍රෝන යානය අභාශයට ගෙන ඇත්තේ ඉරානයේ නිෂ්පාදනය වන Shahed-136 කමිකාසි ඩ්‍රෝන යානයයි. එහි පළමු භාවිතය ම ඉරානයට එරෙහි ප්‍රහාරයකට යොදාගැනීම එක්තරා අයුරක උත්ප්‍රාසයක්.

එක්සත් ජනපද මධ්‍යම අණසක (U.S. Central Command) තහවුරු කර ඇති පරිදි ඇමරිකාව සහ ඊශ්‍රායලය එක් ව සිදු කළ දැවැන්ත ඉරාන ප්‍රහාරයේ දී නව්‍ය යුද මූලෝපක්‍රම වෙනුවෙන් පිහිටුවන ලද නව ඇමරිකානු බලඝනයක් වන Task Force Scorpion Strike (TFSS) විසින් මේ ඩ්‍රෝන යානා ගුවනට එක් කර තිබෙනවා.

වාර්තා වී ඇතිි පරිදි එක් LUCAS ඩ්‍රෝන යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන්නේ ඩොලර් 35,000ක් තරම් සාපේක්ෂ වශයෙන් ගත් විට අවම පිරිවැයක්. දිගින් අඩි 10ක් සහ පළලින් අඩි 8ක් වන මෙය ඉරානය‍ේ
Shahed 136 කමිකාසි ඩ්‍රෝනයට වඩා ප්‍රමාණයෙන් මඳක් කුඩායි. හෙල්ෆයර් මිසයිලයක අයබර මෙන් දෙගුණයක්, එනම්, දළ වශයෙන් කිලෝග්‍රෑම් 18ක පුපුරන ද්‍රව්‍ය අයබරක් ඉන් රැගෙන යන අතර, කිලෝමීටර 805කට ආසන්න අරීය දුර ප්‍රමාණයකට පියාසර කළ හැකියි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/o3ZbfwB
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!