zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නව මොඩර්නා එන්නතකට FDA වැට බඳියි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මොඩර්නා සමාගමේ නව එන්නතක් සඳහා බලපත්‍රය නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ඇමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය (FDA) විසින් සමාලෝචනයට ලක් නො කර ඉවත දමා තිබෙනවා. විද්වතුන් පෙන්වා දෙන්නේ මෙය එරට සියලු ම එන්නත් කෙරෙහි බලපෑම් කළ හැකි ආකාරයේ තීරණයක් බවයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් ඉන්ෆ්ලුඑන්සා එන්නත්වලට එදිරි ව ගනු ලැබූ ආසන්නතම පියවර ලෙස මෙය හඳුනාගත හැකියි. ඉන්ෆ්ලුඑන්සා එන්නත් ඇතුළු ව සාමාන්‍ය ළමා එන්නත්වලින් තුනෙන් එකක් පූර්ණ ලෙස නිර්දේශ කිරීම නැවැත්වීමට ට්‍රම්ප් රජය පසුගිය ජනවාරි මාසයේ දී තීරණය කර තිබුණා.

“මේ තීරණය මඟින් අනාගත ඉන්ෆ්ලුඑන්සා එන්නත් සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කර්මාන්ත ක්ෂේත්‍රය අධෛර්යමත් කිරීමට ඉඩ ඇති අතර, FDA සමඟ කටයුතු කිරීම අවිනිශ්චිත සහ ගැටලුකාරී කරවනවා,” යනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ හි නීතිය පිළිබඳ මහාචාර්ය ඩොරිත් රීස් පවසනවා. “ඔවුන් වඩාත් නම්‍යශීලී තාක්ෂණයක් සහිත නව එන්නතක් සමාලෝචනය කිරීම ප්‍රතික්ෂේප කරන අතර ම, ලබන වසර සඳහා අපට මෙතෙක් තිබූ එන්නත් පවා නොමැති වීමේ සැබෑ අවදානමක් නිර්මාණය කරමින් සිටිනවා.” යැ යි ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Messenger RNA හෙවත් mRNA එන්නත් මඟින් ඇතැම් රෝගවලින් ආරක්ෂා වීමට වැඩි හැකියාවක් ඇති බව විද්‍යාත්මක සත්‍යයක්. එමෙන්ම සාම්ප්‍රදායික ඉන්ෆ්ලුඑන්සා එන්නත්වලට වඩා වේගයෙන් මේවා යාවත්කාලීන කළ හැකි වනවා. ඉන්ෆ්ලුඑන්සා වෛරසය ඉතා වේගයෙන් විකෘති වන බැවින් සහ එය වසංගත තත්ත්වයක් ඇති කිරීමට ඉඩ ඇති බැවින් මෙවැනි වැක්සීන හඳුන්වා දීම අතිශය වැදගත් වනවා.

ඇමරිකාවේ ජෛව විද්‍යාත්මක ඇගයීම් සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ (CBER) අධ්‍යක්ෂ විනේ ප්‍රසාද් අත්සන් කළ ලිපියකට අනුව, මොඩර්නා හි සායනික පරීක්ෂණ දත්ත සමාලෝචනය කිරීම FDA බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, මොඩර්නා සමාගම සිය නව එන්නත සංසන්දනය කර ඇත්තේ පවතින සාමාන්‍ය එන්නත් සමඟ මිස අධි-අවදානම් කණ්ඩායම් සඳහා වන එන්නත් සමඟ නොවේ ය යන්නයි.

මොඩර්නාහි නව එන්නතේ පරීක්ෂා කිරීම් ‘ප්‍රමාණවත් සහ මනාව පාලනය කළ’ එකක් ලෙස FDA ආයතනය නො සලකන බවත්, නව එන්නත සාමාන්‍ය එන්නත් සමඟ සංසන්දනය කිරීමෙන් දැනට පවතින හොඳම සත්කාරක ප්‍රමිතිය (standard of care) පිළිබිඹු නො වන බවත් ප්‍රසාද් සිය ලිපියේ පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, තමන් වයස අවුරුදු 65 සහ ඊට වැඩි වයස් සීමාවන්ගේ සිටින වැඩිහිටියන් සඳහා පවතින “අධි-මාත්‍රාව” සහිත එන්නත සමඟ සිය එන්නත සංසන්දනය කර පරීක්ෂා කර තිබූ බව සමාගම පවසනවා. වයස අවුරුදු 65 ට අඩු වැඩිහිටියන් සඳහා ඔවුන් එය සාමාන්‍ය එන්නත් සමඟ සංසන්දනය කර බලා තිබෙනවා.

මහාචාර්ය රීස් පෙන්වා දෙන්නේ අවුරුදු 65 ට අඩු පුද්ගලයින් සඳහා අධි-මාත්‍රාව සහිත එන්නත ලබා දීම සම්මත සත්කාරක ක්‍රමය නො වන බවයි. “එබැවින් ඔවුන්ගේ (FDA හි) තර්කය ව්‍යාජයි.” රීස් අවධාරණය කරනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ එන්නත දැනට පවතින එන්නත්වලට වඩා හොඳ ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ලබා දෙන බවයි. එසේ ම අතුරු ආබාධ ද ඇති නො වන බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/cqYKjaW
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!