zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සිකුරු මත ලාවා නල ගැන ඉඟි පළ වේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනයේ මැගලන් මෙහෙයුමෙන් ලබාගත් දශක කිහිපයක් පැරණි දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයින් පවසන්නේ, සිකුරු ග්‍රහයා මත ගිනිකඳු ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය වූ දැවැන්ත භූගත උමගක් හඳුනාගෙන ඇති බවයි.

​මෙය තහවුරු වුවහොත්, සඳ සහ අඟහරු මත මීට පෙර හමු වූ මෙවැනි ව්‍යුහයන්ට අමතර ව, සිකුරු මත ලාවා නළයක් වාර්තා වූ දෙවන අවස්ථාව බවට මෙය පත් වනවා.

​එසේ ම, සිකුරු යනු භූ විද්‍යාත්මක ව අක්‍රිය ලෝකයක් ලෙස මෙතෙක් පැවති මතය අභියෝගයට ලක් කරන සාක්ෂි මාලාවට මෙම සොයාගැනීම එකතු වනවා.

​”සිකුරු පිළිබඳ අපගේ දැනුම තවමත් සීමිතයි. පෘථිවියේ නිවුන් ග්‍රහයා ලෙස සැලකෙන සිකුරුගේ මතුපිටට යටින් සිදුවන ක්‍රියාවලීන් සෘජු ව ම නිරීක්ෂණය කිරීමට මීට පෙර අපට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ,” යැ යි ඉතාලියේ ට්‍රෙන්ටෝ විශ්වවිද්‍යාලයේ මෙම අධ්‍යයනයේ සම-කර්තෘ ලොරෙන්සෝ බෲසෝන් ප්‍රකාශ කරනවා.

“වසර ගණනාවක් පුරා උපකල්පනයක් ලෙස පමණක් පැවති සිද්ධාන්ත තහවුරු කිරීමට අවස්ථාව ලැබෙන බැවින්, මෙවැනි ගිනිකඳු කුහරයක් හඳුනා ගැනීම විශේෂ වැදගත්කමක් දරනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

​සිකුරු ග්‍රහයා නිරන්තරයෙන් ඝන වලාකුළු ස්ථරයකින් වැසී පවතින බැවින් එහි මතුපිට සෘජු ව නිරීක්ෂණය කළ නො හැකියි. එබැවින් සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාව හැදෑරීමට විද්‍යාඥයින්ට රේඩාර් රූප මත යැපීමට සිදු ව තිබෙනවා. 1990 සහ 1992 කාලය අතරතුර, නාසා ආයතනයේ මැගලන් යානය මේ සඳහා ම විශේෂයෙන් නිර්මාණය කරන ලද රේඩාර් පද්ධතියක් භාවිතයෙන් සිකුරු මතුපිටින් වැඩි කොටසක් සිතියම්ගත කළ අතර, පර්යේෂකයන් අදටත් විශ්ලේෂණය කරන්නේ එමඟින් ලබාගත් දැවැන්ත දත්ත එකතුවයි.

මැගලන් යානයේ රේඩාර් පද්ධතිය මඟින් සිකුරු ග්‍රහයා සිතියම්ගත කරනු ලැබුවේ ග්‍රහලෝකයේ මතුපිට දෙසට රේඩියෝ තරංග නිකුත් කර, එම සංඥා නැවත පරාවර්තනය වී පැමිණීමට ගතවන කාලය මැන බැලීම මඟිනුයි. මෙය විද්‍යාඥයින්ට සිකුරු මතුපිට පිළිබඳ ඉතා සවිස්තරාත්මක සිතියම් සකස් කිරීමට උපකාරී වුණා. එම සිතියම් මඟින් සිකුරු මතුපිට පිහිටි දිගු වළවල් දාමයන් හෝ කඩා වැටුණු ප්‍රදේශ හෙළිදරව් වූ බව මෙම අධ්‍යයනය සඳහන් කරනවා.

​මෙම සමහර වළවල් දාමයන් සැතපුම් දහයේ සිට දහස් ගණනක් දක්වා විහිදී ඇති අතර, එයින් ඇඟවෙන්නේ සිකුරු මතුපිට යටින් දිවෙන ලාවා නළ පැවතිය හැකි බවයි.

සෞන්දර්ය සෙනරත්

 

 



from Vidusara Science Magazine https://ift.tt/tVdqP9B
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!