zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Artemis II මාර්තු දක්වා කල් යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනය විසින් Artemis II මෙහෙයුමේ දියත් කිරීම ලබන මාර්තු මාසය දක්වා කල් තබා තිබෙනවා. ඒ ඊයේ දිනයේ SLS රොකට් යානයට ඉන්ධන පුරවා සිදු කරන ‘wet dress rehearsal’ පරීක්ෂාවෙන් ලද නිරීක්ෂණ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. NASA සැලසුම් කරගෙන සිටියේ එලැඹෙන පෙබරවාරි 8 වැනි දා මෙහෙයුම දියත් කිරීමටයි.

ශීත කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ සිදු කරන ලද ඉන්ධන පරීක්ෂාවන් ඇරඹීමට හැකියාව ලැබී තිබුණේ ද ප්‍රමාදයක් සහිතවයි. NASA නිවේදනය කළේ රොකට්ටුවට ඉන්ධන පිරවීමේ අදියරේ දී ද්‍රව හයිඩ්‍රජන් කාන්දුවක් සිදු වන බව නිරීක්ෂණය වූ බවයි. මෙහෙයුම කල්දැමීමෙන් මෙම තත්ත්වය ඇගයීමටත්, නැවත ඉන්ධන පරීක්ෂාවක් සිදුකිරීමටත් කාලය ලබාගැනීමට NASA බලාපොරොත්තු වනවා.

‘SLS රොකට්ටුව අවසන් වරට (පළමු වතාවට) දියත් කිරීමෙන් පසු වසර තුනකටත් වැඩි කාලයක් ගත ව ඇති බැවින් අභියෝගවලට මුහුණදීමට සිදුවන බව අපි දන්නවා’ යැ යි NASA ආයතනයේ ප්‍රධානී ජෙරාඩ් අයිසැක්මන් X සටහනක් තබමින් සඳහන් කළා. ‘අපි ඉන්ධන පරීක්ෂාවන් සිදුකරන්නේත් ඒ නිසාමයි. පියාසැරියට කලින් තිබෙන ප්‍රශ්න මතුකරගැනීම සහ වැඩිම සාර්ථකත්වයක් සහිත දියත් කිරීමේ දිනයක් යොදාගැනීමටයි මේ පරීක්ෂාවන් සිදු කෙරෙන්නේ’ එහි වැඩිදුරටත් සඳහන්.

තක්සේරුගත දියත් කිරීමේ දිනය කල් දැමීමත් සමඟ දින 14ක නිරෝධායනකට ලක් කර සිටි Artemis II ගගනගාමීන් සිව් දෙනා ඉන් මුදා හැරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නියමිත දිනයට දින 14කට පෙර ඔවුන් යළි නිරෝධායන ක්‍රියාවලියට අනුයුක්ත කිරීමට නියමිතයි. NASA ආයතනය පෙර සඳහන් කර තිබුණේ මාර්තු 6, 7, 8, 9, සහ 11 යන දින මෙහෙයුම සඳහා යොදාගත හැකි බවයි. කෙසේ නමුත් නිෂ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/BOtdn8G
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!