zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අවැසිනම් වසර තුනකින් ජපානයට න්‍යෂ්ටික බලවතෙකු විය හැකියි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජපානයට අවශ්‍ය නම් වසර 3ක් ඇතුළත තමන්ගේම න්‍යෂ්ටික අවි නිපදවීමට හැකියාව ඇති බව විශේෂඥයන් පවසනවා. ජපානය සතු ව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණික දැනුම දැනටමත් පවතින බැවින් මෙය කළ හැකි වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. වාර්තාවලට අනුව, ජපානය සතු ව වෙන් කරන ලද ප්ලූටෝනියම් (plutonium) විශාල තොග පවතින අතර, ඔවුන් ලොව දියුණු ම සිවිල් න්‍යෂ්ටික කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබනවා. ඇත්ත වශයෙන් ම, 2014 වන විට ජපානය සතු ව ප්ලූටෝනියම් ටොන් 9ක් තිබූ අතර, එය න්‍යෂ්ටික බෝම්බ 5,000ක් පමණ නිපදවීමට ප්‍රමාණවත් වනවා.

එමෙන් ම, ජපානය සතු ව සාරවත් කරන ලද යුරේනියම් ටොන් 1.2ක් පමණ තිබී ති⁣බෙනවා. “ජපානය සතු ව දැනටමත් තාක්ෂණික හැකියාව පවතින අතර, එය 1980 දශකයේ සිට ම ඔවුන් සතු ව පැවතුණා,” යනුවෙන් නම සඳහන් නො කළ ජපන් නිලධාරියෙකු NBC News වෙත සඳහන් කර තිබුණා. එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලනික තීරණය ගනු ලැබූ සැණින් ජපානයට ඉතා ඉක්මනින් ආයුධ නිපදවීමට හැකි වනු ඇති බවයි.

එම ජාතිය සතු ව මිසයිල තාක්ෂණය, අභ්‍යවකාශයට රොකට් යැවීමේ හැකියාව සහ ඉතා නිවැරැදි ඉංජිනේරුමය හැකියාවන් පවතින අතර, ඔවුන් සතු ව විශිෂ්ට ගණයේ විද්‍යාත්මක සහ කාර්මික ධාරිතාවක් ද පවතිනවා.

​න්‍යෂ්ටික විද්‍යාත්මක යෙදුම්වලය අනුව, ජපානය යනු සම්භාව්‍ය “නො පෙනෙන න්‍යෂ්ටික බලවතෙකි” (latent nuclear power). මෙයින් අදහස් කරන්නේ න්‍යෂ්ටික අවි සතු ව නොමැති වුවත්, ඉතා කෙටි කලකින් ඒවා ලබාගැනීමේ හැකියාව ඇති රටක් යන්නයි. “වසර තුනකට අඩු” කාලයක දී මෙය කළ හැකි බවට කර ඇති තක්සේරුවට, මූලික යුධ හිසක් සැලසුම් කිරීම සහ එය දැනට පවතින මිසයිල පද්ධතියකට සවිකිරීම වැනි කරුණු ඇතුළත් වනවා.

එවැනි වර්ධනයක් සඳහා සීමිත ප්‍රමාණයක (සමහරවිට පරීක්ෂාවට ලක් නො කළ) අවි ස්ථාපිත කිරීමක් ද ඇතුළත් විය හැකියි. මෙහි දී වැදගත් කරුණ වන්නේ, මෙම ප්‍රකාශයෙන් අදහස් කරන්නේ සීතල යුද්ධය පැවති සමයේ මෙන් අතිවිශාල අවි ගබඩාවක් නිර්මාණය කිරීම ගැන නොව, ජපානය සතු ව සීමිත න්‍යෂ්ටික හැකියාවක් අත්පත් කර ගැනීම ගැන පමණක් බවයි.

මෙම අනාවැකිය පළවන්නේ, ජපානය “වසර පහක් ඇතුළත න්‍යෂ්ටික බලවතෙකු වීමට දෙසට ගමන් කරමින් සිටින බවට” හිටපු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන හෙන්රි කිසිංජර් 2023 වසරේ දී කළ අනතුරු ඇඟවීමෙන් පසු වයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියාවේ පැවති රටාව පිරිහෙමින් පවතින බවත්, චීනය සහ රුසියාව වැනි ඇතැම් ජාතීන් වඩ වඩාත් ආක්‍රමණශීලී වෙමින් පවතින බවත් ඔහු එහි දී අනතුරු ඇඟවූවා.

මෙම අනාවැකිය තවදුරටත් තහවුරු කරමින්, ජපානයේ අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි ද එරට පවතින ‘න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන’ සම්බන්ධයෙන් සිදුවිය හැකි නීතිමය වෙනස්කම් පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා. “ජපානය සතු ව න්‍යෂ්ටික ආයුධ තිබිය යුතුයි,” යනුවෙන් ටකායිචි අසහි ෂිම්බුන් පුවත්පතට පවසා තිබුණා.

එසේ වුව ද, ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් මිනොරු කිහාරා, එරට දිගුකාලීන න්‍යෂ්ටික නො වන ප්‍රතිපත්තිය (ළඟ තබා නො ගැනීම, නිෂ්පාදනය නො කිරීම, සහ ඇතුළත් කර නො ගැනීම) සඳහා වන කැපවීම යළි යළිත් අවධාරණය කර තිබුණා. දෙසැම්බර් 18 වන දින කිහාරා ප්‍රකාශ කළේ ජපානයේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය නො වෙනස් ව පවතින බවයි.

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ගත් කල ජපානය පවතින්නේ සුවිශේෂ තත්ත්වයකයි. ඒ එය න්‍යෂ්ටික ප්‍රහාරයකින් බැට කෑ පෘථිවියේ ඇති එක ම රට වන බැවිනුයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපානයේ නගර දෙකක් වන හිරෝෂිමා සහ නාගසාකි, ඇමරිකා එක්සත් ජනපදය විසින් හෙළන ලද න්‍යෂ්ටික බෝම්බ මඟින් සම්පූර්ණයෙන්ම විනාශය දුටුවා.

​එතැන් පටන්, න්‍යෂ්ටික අවි යනු එම ජාතිය තුළ ඉතා සංවේදී මාතෘකාවක් බවට පත්වුණා. මෙවැනි ආයුධ එරට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම, ජපානයේ මානසිකත්වයේ සිදුවූ විශාල වෙනසක් පෙන්නුම් කරන්නක් ලෙස අර්ථ දැක්විය හැකියි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/uvSR8na
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!