zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉන්දියානු සාගරයේ භූ කම්පනයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේ මැග්නිටියුඩ් 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙනවා. සුදු වර්ණිත නිවේදනයක් වන මින් පෙන්වා දෙන පරිදි මෙය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.26ට හටගෙන තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආශ්‍රිත ව වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි. නවතම තොරතුරු සියලු මාධ්‍ය මඟින් නිවේදනය කරන බව එහි දැක්වෙනවා.

ප්‍රබලත්වය – 6.6
ගැඹුර – 25km
දිනය – 27/11/2025
හටගත් වේලාව – 10.26 AM
අක්ෂාංශ – 2.68 N
දේශාංශ – 96.07 E
පිහිටීම – Nothern Sumatra, Indonesia



from Vidusara Science Magazine https://ift.tt/OV76Unb
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!