zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව දකුණු ඉන්දියාවේ ශ්‍රීහරිකෝටාහි පිහිටි ISROට අයත් සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවන්ගත කරනු ලැබුණේ ඉන්දියාව සතු LVM 3 අධිඅයබර රොකට්ටුව ආධාරයෙන්. එය මෙම රොකට්ටුවේ පස්වැවැනි මෙහෙයුම ද වනවා.

බරින් කිලෝග්‍රෑමි 4,410ක් වන මෙතෙක් ඉන්දියාව විසින් ගුවන් ගත කරනු ලැබූ බරැති ම සන්නිවේදන චන්ද්‍රිකාව වන Gsat-7R, ඉන්දියානු සාගර කලාපය තුළ, ඉන්දීය නාවික හමුදාවේ සන්නිවේදන ආවරණය වර්ධනය කරනු ඇති බව අපේක්ෂිතයි.

දියත් කිරීමෙන් විනාඩි 16කට පසු LVM-3 විසින් චන්ද්‍රිකාව උප-භූස්ථාවර හුවමාරු කක්ෂයක් වෙත මුදාහැරුණා.

Gsat-7R චන්ද්‍රිකාව නිමවා ඇත්තේ 2013 වසරේ දියත් කරනු ලදු ව එරට නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සඳහා වෙන් කෙරුණු, Gsat-7 (රුක්මිණි) චන්ද්‍රිකාව ප්‍රතිස්ථාපනය කිරීමටයි.



from Vidusara Science Magazine https://ift.tt/Hsrl7Gg
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!