ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා.
ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට රොබෝතික HTV-X යානය දියත් වුණේ ජපානය සතු H3 රොකටයක ආධාරයෙන්. එය හෙට දිනයේ (29) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඈඳීමට නියමිත ව තිබෙනවා.
HTV-X යනු ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනය (JAXA) මෙතෙක් භාවිත කළ H-II Transfer Vehicle (HTV) යානයේ අනුප්‍රාප්තිකයායි. විශ්‍රාම ගැන්වීමට පෙර H-II Transfer Vehicle (HTV) යානය 2009ත් 2020ත් අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව වතාවක් මෙහෙයුම් සඳහා පිටත් ව ගොස් තිබෙනවා.
මීටර් 8 ක් උස මෙම නව ප්‍රවාහන යානය එහි පූර්වගාමියාට වඩා මීටර් 1.2කින් පමණ කෙටි වුව ද, එයට දළ වශයෙන් සමාන බරක් සහිත ව (කිලෝග්‍රෑම් 6,000 ක් පමණ) පහළ පෘථිවි කක්ෂයට ගෙන යාමේ හැකියාවෙන් යුක්තයි.
HTV-X යානයේ ප්‍රථම පියාසැරිය සමඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන යානා ගණන හතර දක්වා ඉහළ යනවා. ඒ අනුව රුසියාවේ Progress, Northrop Grumman සමාගමේ Cygnus සහ SpaceX සමාගමේ Dragon යානා අතරට ජපානයේ HTV-X යානය ද ඇතුළත් වනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/oICVqEX
via Magazine





Post a Comment