පෘථිවියට සමීප වන කුඩා ග්‍රහ වස්තු පිළිබඳව කල් තබා හඳුනා ගැනීමට ස්ථාපිතව ඇති ATLAS ( Asteroid Terrestrial – impact Last Alert System ) නම් පද්ධතියට අයත් හවායි වල මාවුනා ලෝවා හි තිබෙන දුරේක්ෂයක් මගින් ඔක්තෝබර් මස 13 වැනි දා අභ්‍යවකාශයේ ඇදී යන මීටර් 16 ක් එනම් අඩි 54 ක් පමණ විශාල අපූරු පාෂාණ කැබැල්ලක් සොයා ගනු ලැබුවා.
පෘථිවි සමීප ග්රහකයක් ලෙස හඳුනාගත් මේ වස්තුව 2025 TP 5 නමින් නම් කෙරුණා.
තට්ටු 6 ක් උස ගොඩනැගිල්ලක් තරම් වන එය 2013 වසරේ දී රුසියාවට ඉහළින් පිපිරී ගිය චෙල්යාබින්ස්ක් උල්කාවේ විශාලත්වයට සමානයි.
2025 TP 5 ග්රහකය සොයාගෙන දින 2 කට පසු එනම්, පසුගිය ඔක්තෝබර් 15 වැනි දිනයෙ එය පෘථිවියට කිලෝ මීටර් 97,089 ක දුරක් සමීප ව ගමන් කර තිබුණා.
NASA ආයතනයට අයත් JPL හෙවත් ජෙට් ප්රචාලන රසායනාගාරය ලබා ගත් දත්තවලට අනුව එම දුර ප්‍රමාණය අපට කෙතරම් සමීපද කියතොත් පෘථිවියේ සිට චන්ද්‍රයාට තිබෙන දුරෙන් තුනෙන් පංගුවකටත් වඩා බෙහෙවින් අඩුයි. පෘථිවියත්, චන්ද්‍රයාත් අතර දුර කිලෝ මීටර් 384,000 ක් වනවා.
අලුතෙන් සොයාගත් ග්රහකය පෘථිවියට සමීප ව ගමන් කළ දිනයට පසුවැනි දා එනම්ඔ, ක්තෝබර් 16 වැනි දින චන්ද්‍රයාට කිලෝ මීටර් 120,084 ක් දුරින් ගමන් කළ බව ජෙට් ප්රචාලන රසායනාගාරය සඳහන් කර තිබෙනවා.
තවමත් ලොව පුරා කතාබහට මාතෘකාවක්ව තිබෙන සෞරග්‍රහ මණ්ඩලය හරහා ඇදී ගිය තුන්වැනි අන්තර්තාරීය වස්තුව වන 3I / ATLAS නම් පිටසක්වළ ධූමකේතුව සොයාගනු ලැබුවේත් ATLAS නමැති තාරකා විද්‍යාත්මක සමීක්ෂණ පද්ධතියට අයත් දුරේක්ෂ හතරෙන් එකක් වන චිලී ජනරජයේ ස්ථාපිත Deep Random Survey දුරේක්ෂය මගිනුයි.
ප්‍රේමශාන්ත කුමාරසිරි
from Vidusara Science Magazine https://ift.tt/OcyFDrQ
via Magazine





Post a Comment