zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වොයිනික් අත් පිටපත නැතිනම් කොඩැක්ස් වොයිනික් ඇත්තටම ලියවිලා තියෙන්නේ 15 වෙනි සියවසේදී කියලා මේ වෙනකොට කාබන් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 වොයිනික් අත් පිටපත නැතිනම් කොඩැක්ස් වොයිනික් ඇත්තටම ලියවිලා තියෙන්නේ 15 වෙනි සියවසේදී කියලා මේ වෙනකොට කාබන් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.


හැබැයි වොයිනික් අත් පිටපතේ තියෙන අබිරහස තියෙන්නේ ලියැවුණු කාලයේදී නෙවෙයි.

මේ අත්පිටපතේ අන්තර්ගත වෙන පිටසක්වළ විශ්වයකින් ආවා වගේ පේන විවිධ රූප සටහන් සහ මෙය ලියැවිලා තියෙන අබිරහස් භාෂාව නිසා තමයි අදටත් මේක ගුප්ත ලේඛනයක් විදියට සලකන්නේ. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ කවුද කියන එකත් තවමත් අබිරහසක්.

පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා මේ වොයිනික් අත්පිටපත නිර්මාණය කරන්න අරන් තියෙන පාච්මන්ට් ගව පැටවුන්ගේ සමින් හදලා තියෙන්නේ කියන එක.

අත්පිටපතේ වැඩි ප්‍රමාණයක තියෙන භාෂාව තවමත් විකේතනය කරලා නැති වුනත්, සමහර කොටස් ලතින් අක්ෂරයන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ වගේම මේකේ තියෙන රූප වලින් පැලෑටි වර්ග, නක්ෂත්‍ර සංකේතයන්, ජීව විද්‍යාත්මක රූප, විශ්වීය සංකේතයන් වගේ දේවල් නිරූපණය වෙනවා කියලා අඳුනගන්න පුලුවන්.

ඒත් ඒ හැම එකක්ම වෙනත් විශ්වයකින් ඇවිත් තියෙන්නේ කියලා ඔබට හිතුණොත් ඒකේ කිසිම පුදුමයක් නැහැ.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!