zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පුරාවස්තු සංරක්ෂණය කරන ස්පාඤ්ඤ ගිජුලිහිණියෝ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

රළු පෙනුමක් ඇති, ප්‍රධාන වශයෙන් අස්ථිවලින් සමන්විත අසාමාන්‍ය ආහාර වේලක් සහිත විශාල ගොදුරු ​බුදින කුරුල්ලෙකු වන ‘යටි රැවුල් ගිජුලිහිණියා’ හෙවත් bearded vulture (Antoni Margalida) දිගු කලක් තිස්සේ පක්ෂි විද්‍යාඥයින්ගේ අවධානයට ලක් වූ විහඟ විශේෂයක්. නමුත් දැන්, නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අස්ථි අනුභව කරන මෙම පක්ෂීන් පෙර සිතුවාට වඩා තවත් කුතුහලාත්මක ජීවීන් විශේෂයක් බවයි. විද්‍යාඥයින්ට අනුව, ඔවුන් ප්‍රවේශමෙන් ගොඩනඟන ලද, පරම්පරා ගණනාවක් සඳහා යොදාගන්නා කැදලි “ස්වභාවික කෞතුකාගාර” ලෙස ද ක්‍රියා කරන අතර, ශතවර්ෂ ගණනාවක් පැරණි සංස්කෘතික කෞතුක වස්තු සංරක්ෂණය වන ස්ථාන ද වනවා!

පර්යේෂකයන් 2008 සහ 2014 අතර කාලය තුළ ස්පාඤ්ඤයේ මෙම ගිජුලිහිණි විශේෂයට අයත් කැදැලි දුසිමක් අධ්‍යයනය කරනු ලැබ තිබෙනවා. කූඩු ගොඩනැඟීමේ ද්‍රව්‍ය ලෙස පක්ෂීන් විසින් භාවිත කර ඇති මිනිසා විසින් සාදන ලද වස්තූන් 200 කට අධික සංඛ්‍යාවක් අනාවරණය කරගත් පර්යේෂකයන් කණ්ඩායම ඒවා ක්‍රමික ව විශ්ලේෂණයට ලක් කර තිබුණා. මෙම වස්තූන්ගේ කාබන් දින නිර්ණය මඟින් මෙම කූඩු අවම වශයෙන් 13 වන සියවස දක්වා පැරැණි බවත්, වසර 700 කට වඩා පැරණි සෙරෙප්පුවක් එහි ඇති පැරණිතම කෞතුක වස්තුව බවත් හෙළි වුණා. මෙම සොයාගැනීම් සැප්තැම්බර් 11 වන දින Ecology ජර්නලයේ ප්‍රකාශයට පත් වුණා.

“මේ ගිජුලිහිණි විශේෂය කූඩු තැනීම සඳහා විවිධ ද්‍රව්‍ය රැගෙන යන විශේෂයක් බව අප දැන සිටියත්, අපට හමු වූ වස්තූන් සංඛ්‍යාව සහ ඒවායේ පැරණි බව දැක අප පුදුමයට පත් වුණා,” යැයි ස්පාඤ්ඤයේ ජාකා හි ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ කවුන්සිලයේ පයිරේනියානු පරිසර විද්‍යා ආයතනයේ පරිසර විද්‍යාඥයෙකු වන ප්‍රධාන කතෘ ඇන්ටෝනි මාර්ගලිඩා පවසනවා. “මෙයින් අදහස් කරන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා කරන මෙම කැදැලි, විවිධ පරම්පරා බෝ කිරීම සඳහා යොදා ගත් ප්‍රශස්ථ ස්ථාන බවයි.”

මෙම පර්යේෂණය මඟින් සංස්කෘතික කෞතුක වස්තු සොයා ගැනීම සඳහා නව මාර්ග විවෘත කරනවා පමණක් නොව, මෙම විශේෂය සඳහා වන අනාගත සංරක්ෂණ ප්‍රයත්නයන්ට ද එය උපකාරී වන බව විද්‍යාඥයන් පවසනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/H5QyVbO
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!