zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වානේ තරමට ම ශක්තිමත් දැවය ‘සුපර්වුඩ්’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

එක්සත් ජනපද සමාගමක් විසින් වානේවලට වඩා 10 ගුණයක ශක්තියකින් යුතු වානේවලට වඩා හය ගුණයකින් පමණ සැහැල්ලු දැව වර්ගයක් නිපදවීමට සමත් වී සිටිනවා.

“සුපර්වුඩ්” (Superwood) ලෙස නම් කර ඇති මේ අමුද්‍රව්‍යය වෙළෙඳ භාණ්ඩයක් ලෙස දැන් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, එය ද්‍රව්‍ය විද්‍යාඥ ලියාන්ග්බින් හු (Liangbing Hu) සම-ආරම්භකත්වය දැරූ ඉන්වෙන්ට්වුඩ් (InventWood) නමැති සමාගමේ නිෂ්පාදනයක්.

දශකයකට පෙර, මානව වර්ගයා දන්නා පැරණිතම ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන දැව නැවත නිපදවීමේ අරමුණින් හූ සිය ගවේෂණය ආරම්භ කළා. මේ වන විට යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන හූ, මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය නවෝත්පාදන මධ්‍යස්ථානයේ (University of Maryland’s Center for Materials Innovation) සේවය කරන අතරතුර, දැව නැවත ඉංජිනේරුකරණය (re-engineer) කිරීමට නව්‍ය ක්‍රම සොයාගෙන තිබුණා. දැවයට වර්ණය සහ යම් ශක්තියක් ලබා දෙන එහි ප්‍රධාන සංරචකයක් වන ලිග්නින් (lignin) කොටසක් ඉවත් කළ ඔහු එය විනිවිද පෙනෙන ලෙස පවා සකස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ සැබෑ ඉලක්කය වූයේ ශාක කෙඳි වල ප්‍රධාන සංරචකය සහ ඔහුට අනුව “ග්‍රහලෝකයේ ඇති බහුල ම ජෛව බහුඅවයවය” වන සෙලියුලෝස් (cellulose) භාවිතයෙන් දැව ශක්තිමත් කිරීමයි.

2017 වසරේ දී ඔහු පළමු වරට සාමාන්‍ය දැව රසායනික ව ප්‍රතිකාර කිරීමෙන් එහි ස්වාභාවික සෙලියුලෝස් වැඩි දියුණු කර එය වඩා හොඳ ඉදිකිරීම් ද්‍රව්‍යයක් බවට පත් කිරීමත් සමඟ මෙම සැලකිය යුතු දියුණු මට්ටම ළඟා කරගැනීමට සමත් වුණා.

වසර ගණනාවක් පුරා හූ මෙම ක්‍රියාවලිය වැඩිදියුණු කරමින් සහ පේටන්ට් බලපත්‍ර 140 කට වඩා ගොනු කිරීමෙන් පසුව, මේ නිෂ්පාදනය ‘සුපර්වුඩ්’ නමින් දැන් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මුලින්ම, සමාගම සැලසුම් කරන්නේ උළු කණු සහ ආවරණ (cladding) වැනි බාහිර යෙදුම් කෙරෙහි මුලික අවධානය යොමු කිරීමටයි. ඉන්පසු ව, ලබන වසරේ සිට බිත්ති පැනල, බිම් ඇතුරුම් සහ ගෘහ භාණ්ඩ වැනි අභ්‍යන්තර යෙදුම් වෙත යොමු වීමට ඔවුන් අපේක්ෂා කරනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/b7LeyJ3
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!