zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

එකිනෙකා වටා කක්ෂගත ව පවතින කළු කුහර යුගලයක් ඡායාරූපගත කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

තාරකා විද්‍යාඥයින් විසින්, පළමු වතාවට එකිනෙක වටා කක්ෂගත ව පවතින කළු කුහර (black holes) දෙකක් ඡායාරූප ගත කරන්නට සමත් ව සිටිනවා. ඒත් සමඟින් කළු කුහර යුගලවල පැවැත්ම සඳහා දෘශ්‍ය සාධක ද ප්‍රථම වතාවට සැපයෙනවා.

පෘථිවියේ සහ අභ්‍යවකාශයේ ඇති දුරේක්ෂ මඟින් ග්‍රහණය කරගත්, ගුවන්විදුලි ආලෝකයේ (radio light) ඇති ක්ෂුද්‍ර උච්චාවචනයන් හරහා මෙම කළු කුහර දෙක හඳුනාගෙන ඇති අතර, ඒවා පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 5ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ මේ කළු කුහර යුග්මය එකිනෙකා වටා වටයක් සම්පූර්ණ වීමට වසර 12ක කාලයක් ගත වන කක්ෂයක සිර වී සිටින බවයි.

කුඩා කළු කුහරය ආලෝක වේගයට ආසන්න වේගයකින් යුත් අංශු විදාරණයක් (jet of near-light speed particles) සමඟ ග්‍රහණය කරගෙන ඇති අතර එය බල්ලෙකුගේ වලිගයක් සේ කැරකෙමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. විශාල කළු කුහරය, OJ287 නමින් හැඳින්වෙන විශාල විශ්ව උල්පතක් (cosmic fountain) නිපදවන අතර, එය අපේ සූර්යයා මෙන් බිලියන 18 ගුණයක් පමණ ස්කන්ධයකින් යුතුයි. පර්යේෂකයන් ඔවුන්ගේ සොයාගැනීම් ඔක්තෝබර් 9 වන දින The Astrophysical Journal හි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

“පළමු වතාවට, කළු කුහර දෙකක් එකිනෙක වටා කක්ෂගත වන ඡායාරූපයක් ලබා ගැනීමට අපට හැකි වුණා.” ෆින්ලන්තයේ ටර්කු විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු මෙන්ම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන මෞරි වෝල්ටෝනන් (Mauri Valtonen) පවසනවා. “මෙම ඡායාරූපය තුළ, කළු කුහර හඳුනාගෙන ඇත්තේ ඒවා නිකුත් කරන ප්‍රබල අංශු ක්ෂේපයන් (intense particle jets) මඟිනුයි. කළු කුහර නම් පරිපූර්ණ ව කළුයි. නමුත් ඒවා මෙම අංශු ක්ෂේපයන් මඟින් හෝ කුහරය වටා ඇති දිදුලන වායුව (glowing gas) මඟින් හඳුනාගත හැකියි.” ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/mDCrpAY
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!