zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇට්ලස් දැවැන්ත ජල පරිමාවක් මුදාහරී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි 3I/ATLAS ධූමකේතුව “පූර්ණ වේගයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ නලයක් (fire hose)” මෙන් ජලය කාන්දු කරමින් සිටින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

නාසා ආයතනයේ නීල් ගෙහ්රල්ස් ස්විෆ්ට් නිරීක්ෂණාගාරය (NASA’s Neil Gehrels Swift Observatory) භාවිතා කරමින්, විද්‍යාඥයින් ප්‍රථම වතාවට, අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන බව නිරීක්ෂණය කරන ලද, වෙනත් තාරකා පද්ධතියකින් පැමිණි තුන්වන වස්තුව වන 3I/ATLAS වෙතින් කාන්දු වන ජලයේ රසායනික සලකුණ (chemical fingerprint) හඳුනාගෙන තිබෙනවා.

ජලය යනු ධූමකේතු අධ්‍යයනයේ දී යොදාගැනෙන විශ්වීය මිණුම් දණ්ඩ වැනි වන අතර, හිරු එළිය මඟින් ධූමකේතුවක ක්‍රියාකාරිත්වය මෙහෙයවන ආකාරය සහ අනෙකුත් වායුන් මුදා හරින ආකාරය මැන බැලීම සඳහා ඒ ගැන අවධානයෙන් පසු වීම වැදගත් වනවා. අන්තර් තාරකා ආගන්තුකයෙකු තුළ එය හඳුනා ගැනීම, තාරකා විද්‍යාඥයින්ට 3I/ATLAS අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආවේණික ධූමකේතු සමඟ සෘජු ව ම සැසඳීමට ඉඩ සලසනවා. එමඟින් දුරස්ථ ග්‍රහලෝක පද්ධතිවල රසායන විද්‍යාව පිළිබඳ හැදෑරීමට දුර්ලභ අවස්ථාවක් ද හිමි වනවා.

ස්විෆ්ට් දුරේක්ෂය (Swift telescope) භාවිතා කරමින්, ඕබර්න් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු වන ඩෙනිස් බෝඩෙවිට්ස් (Bodewits) සහ ඔහුගේ කණ්ඩායම 2025 ජූලි සහ අගෝස්තු මාසවල දී 3I/ATLAS නිරීක්ෂණය කළ අතර, එය එවිට පෘථිවිය සහ සූර්යයා අතර දුර මෙන් 2.9 ගුණයක් පමණ ඈතින් පිහිටා තිබුණා. එම දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් ධූමකේතුවල ජල අයිස් වාෂ්ප වන කලාපයට වඩා බොහෝ ඈතින් පිහිටා තිබෙනවා.

මෙම දුර ප්‍රමාණයේ සිට ම ස්විෆ්ට් දුරේක්ෂය මඟින් හයිඩ්‍රොක්සිල් (OH) වල ක්ෂුද්‍ර පාරජම්බුලාලෝක (ultraviolet glow) දීප්තිය හඳුනාගෙන ඇති බව අධ්‍යයනය වාර්තා කරනවා. එය ජල අණු හිරු එළිය මගින් බිඳ දැමීමෙන් ඇතිවන තත්ත්වයක්.

Astrophysical Journal Letters ජර්නලයේ සැප්තැම්බර් 30 වන දින ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක විස්තර කර ඇති පරිදි, එහි ප්‍රතිඵලය පෙන්නුම් කළේ 3I/ATLAS තත්පරයකට දළ වශයෙන් කිලෝග්‍රෑම් 40 ක වේගයකින් ජලය පිටතට විදාරණය කරමින් සිටින බවයි. එය සම්පූර්ණ ජවයෙන් ක්‍රියා කරන ගිනි නිවීමේ බටයකට සමකළ හැකි වන්නේ එනිසයි.

එම පිටතට ගලා යාමේ වේගය මත පදනම්ව, ධූමකේතුවේ මතුපිටින් අවම වශයෙන් 8% ක් වත් ක්‍රියාකාරී විය යුතු බව කණ්ඩායම තක්සේරු කරනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ධූමකේතුවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන 3% සිට 5% දක්වා ප්‍රමාණයට සාපේක්ෂව මෙය පුදුම සහගත ලෙස විශාල අගයක් බව අධ්‍යයනය සටහන් කරනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/n8mugEF
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!