zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චෙක් ජනරජයෙන් කෙල්ටික් ලෝහ කාසි විශාල ප්‍රමාණයක් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චෙක් ජනරජයේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 2,500 කට පමණ පෙර, එනම් එම කලාපයේ කෙල්ටික් යුගයට අයත් කාසි, රන් ආභරණ සහ වෙනත් කෞතුක වස්තු රැසක් එළිදක්වා තිබෙනවා.

එරට රජයෙන් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මෙම පුරාණ වස්තූන් පසුගිය වසර පහ තුළ චෙක් ජනරජයේ බටහිර පිල්සන් ප්‍රදේශයේ අනාවරණය නොකළ පුරාවිද්‍යා ස්ථානයක සිදුකළ කැනීම්වලදී සොයාගෙන තිබෙනවා.

“මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ නීති විරෝධී ගවේෂකයන්ගෙන්, සීසෑමෙන් සහ ස්වභාවික බලපෑම්වලින් දැඩි තර්ජනයට ලක්ව ඇති පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ආරක්ෂා කර ගැනීමයි.” චෙක් විද්‍යා ඇකඩමියේ පුරාවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ජාන් මරීක් (Jan Mařík) සඳහන් කරනවා.

ප්‍රකාශයට අනුව, ලෝහ අනාවරක භාවිතයෙන් නීති විරෝධී ලෙස සෙවීම් සිදුකරන්නන් අධෛර්යමත් කිරීම සඳහා, එරට පිල්සන් කලාපයේ උතුරු ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ නිශ්චිත පිහිටීම රහසිගතව තබාගෙන තිබෙනවා.

ඡායාරූපවලින් පෙනී යන්නේ සතුන් වැනි රූප නිරූපණය කරන, කුඩා, සවිස්තරාත්මක රන් හා රිදී කාසි මෙන් ම රන් ආභරණ කොටස් ද පුරාවිද්‍යාඥයින් විසින් සොයාගන්නා ආකාරයයි.

කණ්ඩායම සඳහන් කරන්නේ, රන් හා රිදී ඉන්ගෝට්‍ (ingots – ලෝහ කුට්ටි) කැබලි, ලෝකඩ බකල් (buckles), කටු (pins), වළලු, පෙන්ඩන සහ අශ්ව රූපයක් ඇතුළු වෙනත් ලෝහ වස්තූන් කිහිපයක් ද එම ස්ථානයෙන් සොයාගත් බවයි.

මෙම කෞතුක වස්තු සමහරක් දැන් අසල පිහිටි මරියන්ස්කා ටයිනිස් (Mariánská Týnice) නම් චෙක් ගම්මානයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එම ගම්මානය, එහි පිහිටි ප්‍රමුඛ සිස්ටර්ෂියන් ආරාමය (Cistercian monastery) හේතුවෙන් මධ්‍යකාලීන යුගයේ සිට 18 වැනි සියවස දක්වා කිතුනු වන්දනා ස්ථානයක් ලෙස පැවත තිබීම ද විශේෂත්වයක්.

නිම්නා අමරසේකර

 



from Vidusara Science Magazine https://ift.tt/z4DKCa3
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!