zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමරිකාව Red No. 3 ආහාර වර්ණකය තහනම් කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් එරට නිෂ්පාදනය වන ආහාර සහ පාන වර්ග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට ගැනුණු රතු පැහැති වර්ණකාරකයක් වන Red No. 3 තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විද්‍යාගාරය සතුන් යොදාගනිමින් සිදු කළ පරීක්ෂණවල දී පෙනී ගොස් තිබුණේ මෙකී කෘත්‍රිම වර්ණකය පිළිකාකාරකයක් ලෙස ක්‍රියාකාරන බවයි. ඒ අනුව දශක ගණනක් තිස්සේ එය තහනම් විය යුතු බවට කතිකාවක් ගොඩනැඟී තිබුණා.

ඇමරිකාවේ එය තහනම් බවට නිවේදනය කරනු ලැබුණේ ඊයේ දිනයේ වුවත්, යුරෝපය එය තහනම් ක⁣ළේ අදින් දශක තුනකට පෙරයි.

මෙය ශරීර ආලේපන සඳහා යොදාගැනීම මින් පෙර තහනම් කර තිබුණත් මේ වන තුරු ම රසකැවිලි, ධාන්‍ය නිෂ්පාදන සහ පාන වර්ග සඳහා යොදා ගැනීම නීතියෙන් තහනම් කර තිබුණේ නැහැ. වර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාව පුරා අළෙවි වන ආහාර නිෂ්පාදන 9,200ක පමණ ⁣Red No. 3 අඩංගු ව පැවති බවයි.

නීති සම්පාදකයන් සහ දැනුම්වත් කිරීමේ සමාජ කණ්ඩයම් මෙකී තහනම පැණවීම කෙරෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.

Center for Science in Public Interest හි ආචාර්ය Peter Lurie ඇතුළු විද්වතුන් රැසක් 1990 සිට හඬ නැඟුවේ විලේපන ආදිය සඳහා තහනම් කළ කෘත්‍රිම රසායනිකයක් ආහාර සඳහා යොදාගැනීමට අවසර ලබා දී තිබීම විරුද්ධාභාෂයක් බවයි.

නව නීතියට අනුව සමාගම්වලට සිය නිෂ්පාදනවල වට්ටෝරු ප්‍රතිසූත්‍රගත කිරීමට 2027 ජනවාරිය තෙක් සහන කාලයක් ලබා දී තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/VjSPewz
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign