zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ට්‍රම්ප්ට, TikTok තහනම ආපසු හැරවිය හැකි ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනයේ සිට ක්‍රියාත්මක වන TikTok සමාජ මාධ්‍ය ජාලය ඇමරිකා එක්සත් ජනපදය තුළ තහනමට ලක් කිරීමත් සමඟ මේ වන විට එරට සිට ඊට ප්‍රවේශ වීම අවහිර වී තිබෙනවා. ෆෙඩරල් රජය විසින් පණවන ලද තහනම බලාත්මක වීමට පෙර සිට ම ඇමරිකා භූමියේ සිට TikTok app මෘදුකාංගය වෙත ප්‍රවේශ වීම ඉකුත් සෙනසුරාදා සිට අවහිර කිරීමට TikTok පියවර ගෙන තිබුණා.

එසේ ම එරට සිට App Store සහ Play Store ඔස්සේ TikTok බාගත කිරීම ද අවහිර කර තිබෙනවා.

ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය විසින් ඉකුත් වසරේ අප්‍රේල් මස සම්මත කරගත් නීතියකින් TikTok මව් සමාගම වන චීනයේ පිහිටි ByteDance වෙත දන්වා යැවුණේ එය චීන නො වන හිමිකාරිත්වයක් මඟින් ක්‍රියාත්මක නො වන්⁣නේ නම් ඇමරිකාව තුළ තහනමට ලක් කෙරෙන බවයි.

TikTok එයට එකඟත්වය පළ කළේ නැහැ. “[එය] සරල ව ම කළ හැකි දෙයක් නොවෙයි: වාණිජමය අතිනුත්, තාක්ෂණික අතිනුත්, නීතිමය අතිනුත්” ByteDance මුල සිට ම මේ දක්වා සිටියේ එකී ස්ථාවරයේයි.

TikTok වෙත ප්‍රවේශ වීමට උත්සාහ දරන විට දිස් වන පණිවුඩයේ දැක්වෙන්නේ “සමාවන්න, මේ මොහොතේ TikTok වෙත ප්‍රවේශවිය නො හැකියි.” යවුවෙන්. කෙසේ නමුත් එහි අවසන් ඡේදයේ පැවසෙන්නේ අද දිනයේ දිවුරුම් දීමට නියමිත නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇති වී තිබෙන සංකීර්ණ තත්ත්වය විසඳුමක් කරා ගෙන ඒමට කටයුතු කරන බව පවසා ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසයි.

හාස්‍යයට කරුණ නම් TikTok තහනම් කළ යුතු යැ යි මුල් වරට යෝජනා කළේ ද ජනාධිපති සිය ප්‍රථම ධුර කාලය ගත කරමින් සිටි ට්‍රම්ප් වීමයි. ඒ 2020 වසරේ මැද භාගයේ දීයි. ඔහු විධායක ආඥාවක් නිකුත් කර එය තහනම් කිරීමට අදහස් කළත් එය සාර්ථක වූයේ නැහැ. අනතුරුව වරින් වර කොංග්‍රස් මාණ්ඩලිකයන් විසින් යෝජනා ඉදිරිපත් කෙරෙුණ ද අවසානයේ සම්මත වූයේ ඉන් එකක් පමණයි. එය හැඳින්වෙන්නේ ‘ඇමරිකානුවන් ප්‍රතිපාක්ෂික විදේශයන් මඟින් මෙහෙයවෙන යෙදුම්වලින් ආරක්ෂා කිරීමේ පණත’ හෙවත් Protecting Americans from Foreign Adversary Controlled Applications Act ලෙසයි. ඉකුත් අප්‍රේල් මාසයේ නීතියක් බවට සම්මත වූයේ මේ පණතයි.

ඇමරිකානුවන් මිලියන 170 කට අධික පිරිසක් විසින් පරිශීලනය කෙරෙන TikTok යෙදුම අයත් ByteDance වෙත තීරණයක් ගැනීමට ලබා දී තිබූ කාල සීමාව අවසන් වීමට දින දෙකක් තිබිය දී, සම්මත කරගත් පණත ව්‍යවස්ථානුකූල නීතියක් බව පිළිගත් බවත්, එහි බලාධිකාරය වලංගු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබුණා. බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පණත ක්‍රියාවට නැංවීම පත් වන නව ජනාධිපතිවරයාට ඉතිරි කර යන බවයි. ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරය අවධාරණය කර සිටියේ එය ඇමරිකානු ජනතාව අතර තිබිය යුත්තේ ඇමරිකානු හිමිකාරයත්වයක් යටතේ පමණක් බවයි.

ප්‍රතිචාර දක්වමින් TikTok ප්‍රධානී Shou Chew අදහස් දක්වා තිබුණේ යෙදුමේ ඉරණම දැන් ඇත්තේ පත් වන ජනාධිපති ට්‍රම්ප් අත බවයි. TikTok ඇමරිකාව තුළ තවදුරටත් පවත්වාගෙන යාම පිණිස එකඟත්වයට පැමිණීම කෙරෙහි ට්‍රම්ප් දක්වන සහයෝගයට ස්තුති කරමින් ඔහු TikTokහි වීඩියෝවක් පළ කර තිබුණා.

තහනම ගෙන ඒමේ පළමු ගල ගැසූ ට්‍රම්ප් ම දැන් එහි ගැලවුම්කරුවා බවට පත් ව තිබෙනවා. 2024 ජනාධිපතිවරණ සටනේ දී වැඩි පිරිසක් අතරට සිය පණිවුඩය ගෙන යාමට ඔහුගේ මැතිවරණ කණ්ඩායම් යුහුසුලු ව TikTok යෙදවුම යොදාගනු දක්නට ලැබුණා.

ට්‍රම්ප් අද දිනයේ 47 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමියි. TikTok තහනම ආපසු හරවන්නේ නම් ඔහුට කළ හැක්කේ වැඩ භාරගැනීමෙන් පසු, පණත බලාත්මක නො කරන ලෙස අධිකරණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කිරීමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගරු කොට තැකිය යුතු බව ද ඔහු වරෙක පවසා තිබෙනවා. ජනාධිපති වශයෙන් වුව ද ඔහුට තහනම මුළුමනින් ම ආපසු හැරවිය හැකි ද යන්න මේ මොහොතේ අපැහැදිලියි.

NBC වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු TikTok වෙත දින 90 ක සහන කාලයක් දීම සිදු කළ හැකි වනු ඇති බවයි.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 



from Vidusara Science Magazine https://ift.tt/IgAPVqj
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign