zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බෙපිකොලොම්බෝ දුටු බුධගේ උත්තර ධ්‍රැවය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

බුධ ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ මෙතෙක් ගන්නා ලද සමීපතම සහ සුපැහැදිලි ම ඡායාරූප කිහිපය පසුගිය දා පෘථිවිය වෙත සේන්දු වුණා. මේ ඡායාරූප ලබාගෙන ඇත්තේ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) විසින් 2018 දී සහයෝගී ව අභ්‍යවකාශගත කළ BepiColombo යානය විසින්.

මේ ඡායාරූප ලබාගෙන තිබුණේ යානය බුධගේ රාත්‍රී පස පෙදෙසට කිලෝමීටර 295ක් ඉහළින් පියාසර කරමින්, එහි උත්තරධ්‍රැවයට ඉහළින් ඇදී ගිය අවස්ථාවේ දීයි. ESA විසින් මෙකී ඡායාරූප කිහිපය මාධ්‍යයට මුදා හරින ලද්දේ පසුගිය සතියේයි. සෞරග්‍රහ මණ්ඩලයේ සිටින හිරුගේ සිට ප්‍රථම මෙන් ම කුඩා ම ග්‍රහයා ද වන බුධගේ උත්තරධ්‍රැවයේ පිහිටන සදාතනික අඳුරේ ගිලුණු ආවාට ඉන් දැකගත හැකියි. මේ අතර ධ්‍රැවාසන්නයේ ඇති ගිනිකඳුමය තැනිතලා බිම් සහ බුධ සතු විශාලතම ආවාටය වන කිලෝමීටර 1500ක විෂ්කම්භයෙන් යුතු Caloris Basin ද සටහන් ව තිබෙනු දැකගත හැකියි.

BepiColombo යානය බුධ ග්‍රහයා සමඟ සිදුකරන හය වන මෙන් ම අවසාන සමීප පියාසැරිය වන්නේ ද මෙය වීම විශේෂත්වයක්. ලබන වසරේ එය බුධ ග්‍රහයා වටා කක්ෂයකට අවතීර්ණ වීමට නියමිත අතර එය සතු ව පවතින යුරෝපයේ සහ ජපානයේ නිර්මිත කක්ෂගත යානා දෙක නිදහස් කිරීම සිදු වනු ඇති. මේවායේ අරමුණ වන්නේ ග්‍රහයාගේ ධ්‍රැවාසන්න කක්ෂයකට එළැඹීමයි.

යානය නම් කර ඇත්තේ විසි වැනි සියවසේ විසූ ඉතාලි ජාතික ගණිතඥ Giuseppe (Bepi) Colombo සිහි වීම පිණිසයි. ඔහු NASA ආයතනය විසින් 1970 දී බුධ ගවේෂණය සඳහා යවන ලද Mariner 10 මෙහෙයුමේ සුවිශේෂ කාර්ය භාරයක් සිදු කර තිබෙනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/R068Niu
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign