zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අදාළ සාම්පල ගෙන්වා ගැනීම වෙනුවෙන් මුලින් සකස් කර තිබූ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවන බව පෙනීයාමත් සමඟයි.

NASA ප්‍රධානී බිල් නෙල්සන් පසුගිය අඟහරුවාදා මේ බව සඳහන් කළේ ට්‍රම්ප්ගේ වැඩ භාරගැනීමත් සමඟ සිය ධුරයෙන් ඉවත් වීමට දෙසතියක කාලයක් ඉතිරි ව තිබෙන මොහොතකයි.

මෙහි දී නෙල්සන් කියා සිටියේ පර්සවරන්ස් රෝවරය මඟින් රැස්කරගන්නා ලද සාම්පල පෘථිවිය වෙත රැගෙන ඒම සඳහා මුලින් සකස් කෙරුණු සැලසුම මුළුමනින් ම ඉවත් කිරීමට සිදු වූ බවයි. ඒ ඒ වෙනුවෙන් වැය වන දැරිය නො හැකි තරමේ වියදම සහ සාම්පල ලබාගැනීමට 2040 පමණ වන තුරු බලා සිටීමට සිදු වීම හේතුවෙන් බව ඔහු පවසා තිබුණා.

ලෝහමය නලවල බහා ඇති මේ සාම්පල 2030 ගණන්වල පෘථිවියට රැගෙන ආ හැකි පරිදි අඩු වියදම් සැලසුමක් වේ නම් දැනුම් දෙන ලෙස ඉකුත් වසරේ NASA ආයතනය විසින් වාණිජ්‍යමය අභ්‍යවකාශ තාක්ෂණ සමාගම් වෙත ඉල්ලීමක් යොමු කෙරුණේ ඒ අනුවයි.

“අපට මේ ටයිටේනියම් නල 30 ඉතා ම ඉක්මනින් සහ අවම පිරිවැයකින් රැගෙන ඒමට අවශ්‍යයි.” නෙල්සන් සඳහන් කළා.

වාණිජ්‍යමය සමාගම් විසින් යෝජනා කරන ලද ඩොලර් බිලියන් 6ත් 7ත් අතර වැය වෙතැ යි අපේක්ෂිත විකල්ප සැලසුම් දෙකක් කෙරේ NASA හි අවධානය යොමු වී තිබෙනවා. NASA ​සඳහන් කරන්නේ මේ සඳහා ද අවැසි වන අභ්‍යවකාශ යානා ගණන සහ දියත් කිරීම් ගණන පෙර පරිදි ම වුවත් වඩාත් විධිමත් බවයි. කෙසේ නමුත් මේ පිළිබඳ අවසන් තීරණය ගැනෙනු ඇත්තේ ලබන වසරේ දීයි. එනම් නෙල්සන්ගේ ධුරකාලය තුළ නොවෙයි.

නෙල්සන් සඳහන් කරන්නේ අඟහරු සාම්පල ගෙන්වා ගැනීම මීළඟ පරිපාලනයට භාර වැඩක් බවට පත් ව ඇති බවයි. “අපට අවශ්‍ය වුණේ ඔවුන්ට ඉදිරියට ගෙන යා හැකි පරිදි හොඳම තෝරාගැනීම් කිහිපයක් ඉතිරිකර යාමටයි.” නෙල්සන් සඳහන් කළා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/uGa8EDs
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!