zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමරිකාවේ පළමු H5N1 මරණය වාර්තා වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

H5N1 කුරුළු උණ වයිරසය වැළඳීමෙන් මියගිය වාර්තාගත පළමු ඇමරිකානුවාගේ මරණය ඊයේ (06) ඇමරිකාවේ ලුසියානාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Louisiana Department of Health – LDH) මේ වන තුරුත් ප්‍රාන්තය තුළ වෙනත් H5N1 වයිරස ආසාදිතයන් සොයාගෙන නොමැති බැවින් එය මහජනයා වෙත පුළුල් ව ව්‍යාප්ත වීමේ අවදානම ඇත්තේ අවම අගයක බව නිවේදනය කරනවා.

මෙලෙස මියගිය පුද්ගලයා වයිරසය ආසාදනය හේතුවෙන් රෝහල්ගත කර ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේ දීයි. සිය ගෙවත්තට පැමිණි ආසාදිත කුරුල්ලන්ගෙන් රෝගය වැළඳී ඇති බව විශ්වාස කෙරෙනවා. රෝග ලක්ෂණ වශයෙන් බරපතළ තත්ත්වයේ ශ්වසනාබාධවලට මුහුණ දීමට අදාළ පුද්ගලයාට සිදු ව තිබුණා. ඊයේ දින මරණය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර LDH වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම පුද්ගලයා 65 විය ඉක්මවූ අයෙකු බවයි.

ඇමරිකානු රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය (CDC) දත්තවලට අනුව මේ වන විට සමස්ත ඇමරිකාවෙන් වාර්තා වී ඇති H5N1 ආසාදිතයන් සංඛ්‍යාව 66ක්. ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නො වන බවයි CDC සඳහන් කරන්නේ. මේ සියලු දෙනා රෝගය ආසාදනය වූ ගවයන් සහ කුකුළු පැටවුන් අසල ගැවසී ඇති බව සොයාගෙන තිබෙනවා.

ලොව පුරා කුරුල්ලන් මිලියන ගණනක් මරණයට පත් කර ඇති H5N1 වයිරසය දැනට වසරක පමණ කාලයක සිට ඇමරිකාවේ කිරි ගවයන් ⁣අතර සංසරණය වෙමින් පවතිනවා.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/CWAQU69
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!