zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කැලිෆෝනියාව ගිනියම් කරන ලැව් ගිනි තත්ත්වය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලැව්ගිනිවලට මුහුණ ඉතිහාසයකට උරුමකම් කීවත්, කැලිෆෝනියාව මේ වන විට මුහුණ දෙමින් සිටින ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය මතු නොව ලොව ම කම්පනය කරන්නට සමත් ව තිබෙනවා. ඇමරිකාවේ දෙවැනියට විශාල නගරය වන ලොස් ඇන්ජලීස් අවට පදිංචිකරුවන් ලක්ෂයකට අධික පිරිසකට සිය නිවෙස් ගින්නට අත්හැර ආරක්ෂිත තැනකට ඉවත් ව යන්නට සිදු ව තිබෙනවා.

කැලිෆෝනියාව ගිනියම් කරමින් මේ වන විට ඇවිළෙමින් තිබෙන ලැව්ගිනි සංඛ්‍යාව පහක්. Palisades fire, Hurst fire, Lidia fire, Sunset fire සහ Eaton fire යනුවෙන් නම් කර ඇති මේ ලැව්ගිනි පහ මේ වන විට බලපෑමට නතු කරගෙන ඇති සමස්ත භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 29,000ක්. විශාලතම ලැව් ගින්න වන Palisades (පැලිසේඩ්ස්) ගින්න නිසා පමණක් අක්කර 17,234ක භූමි ප්‍රමාණයක් ගිනිබත් කර තිබෙනවා.

සංඛ්‍යාලේඛනවලට අනුව ලොස් ඇන්ජලීස්හි පදිංචිකරුවන් 130,000කට පමණ වහා ම ආරක්ෂිත ව ඉවත් ව යන ලෙස නියෝග නිකුත් කොට තිබෙනවා.

කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsomගේ නියෝග පරිදි ගිනි නිවන භටයන් 1400 දෙනෙකු ගින්න පාලනය කර ගැනීම වෙනුවෙන් සේවට වාර්තකර තිබුණා. ලැව්ගිනි හේතුවෙන් ඩිස්ටෝපියානු දර්ශන තලයක් සිහි ගන්වමින් ලොස් ඇන්ජලීස් අහස තැඹිලි පැහැයක් ගෙන තිබූ අතර ගින්නේ බලපෑම හොලිවුඩය වෙත ද පැතිරී තිබෙනවා.

ලැව්ගිනි යනු කැලිෆෝනියාවට ආගන්තුක ස්වාභාවික විපතක් නො වූවත් මෙවර හටගෙන තිබෙන තත්ත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් තිබෙනවා. එනිසා ම මෙය ඇමරිකානු ඉතිහාසය තුළ හටගත් බිහිසුණු ම ලැව්ගිනි පැතිරීමක් ලෙස සැලකෙනවා.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි ලැව්ගිනි තත්ත්වය මෙතරම් දරුණු වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මේ දිනවල කැලිෆෝනියාව හරහා හමා යන ‘සැන්ටා ඇනා’ හෙවත් ‘Santa Ana’ නමැති සුළං ප්‍රවාහයි. සෑම වසරක ම පාහේ සිසිල් මාසවල දී රට අභ්‍යන්තරයේ පිහිටි කාන්තාර බිමේ සිට පිටතට මේ සුළං ප්‍රවාහ හමා යන අතර ඒවා පැයට සැතපුම් 80ත් 100ත් අතර වේගයෙන් යුතු වනවා. ඇනා සුළං ප්‍රවාහ නිසා මුහුදට ආසන්න ගොඩබිම් කලාපයේ වාතය උණුසුම් කරන අතර මුහුදු සුළඟ සමඟ ගොඩබිමට පැමිණෙන සිසිල් වාතය අවහිර කරනවා. ඉන් වාතයේ ආර්ද්‍රතාවය පහත හෙලෙන අතර ගිනි පැතිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කෙරෙනවා.

සැඩ සුළං සමඟ විටින් විට ගිනි කුණාටු තත්ත්වයක් ද ඇති වන අතර මේ නිසා ගුවනින් සිදු වන ගිනි නිවීමේ කටයුතු අකාර්යක්ෂම තත්ත්වයට පත් ව තිබෙනවා.

මේ අතර Eaton ගින්නෙන් සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් NASA ආයතනයට අයත් ප්‍රධානතම රොබෝතික පර්යේෂණාගාරය වන ලොස් ඇන්ජලීස්, පැසඩීනාහි පිහිටි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය (Jet Propulsion Laboratory – JPL) තාවකාලික ව වසා දමා, හදිසි අවස්ථාවක දී අත්‍යාවශ්‍ය පුද්ගලයන් හැරුණු විට අන් සියලු දෙනා ඉන් ඉවත් කිරීමට පියවර ගැනුණා.

කැලිෆෝනියාවේ ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ පහක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. කෙසේ නමුත් බලධාරීන් පවසන්නේ ව්‍යසනයේ සැබෑ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන තුරු නො දන්නා බවයි. ඔවුන් පවසන්නේ ගින්නට හසු ව තිබූ ඇතැම් නිවාස සහ ගොඩනැඟිලි තුළ පුද්ගලයන් මිය ගොස් සිටීමට ඉඩ තිබෙන බවයි. JPMorgan Chase බැංකුවේ ඇස්තමේන්තුවට අනුව මේ වන විට සිදු ව ඇති ආර්ථික පරිහානිය ඩොලර් බිලියන 50කට ආසන්න වන අතර, ගතවන මොහොතක් පාසා ඉහළ යමින් පවතිනවා.

New York Times, CNN, The Guardian සහ Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/GVH28Xf
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!