zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කෘත්‍රිම බුද්ධියේ චීන පෙරළිකරුවාට සයිබර් ප්‍රහාරයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනයේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන සමාගමක් වන Deepseek දැවැන්ත සයිබර් ප්‍රහාරයකට මුහුණ පා සිටින බව පසුගිය දා නිවේදනය කෙරුණා. මේ හේතුවෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන නව පරිශීලකයන් ලියාපදිංචි කිරීම ඇණහිට ඇති බවයි සමාගම සඳහන් කරන්නේ.

පසුගිය සඳුදා නිල නිවේදනයක් නිකුත් කරමින් Deepseek සඳහන් කළේ තම සේවා සැපයුම් ඉලක්ක කරමින ‘මහා පරිමාණයේ ද්වේෂ සහගත ප්‍රහාරයක්’ දියත් වී ඇති බවයි. දැනටමත් එහි සේවා සමඟ ලියාපදිංචි වී සිටින පරිශීලකයන් හට සිය ගිණුම වෙත ප්‍රවේශ වීමේ හැකියාව අවහිර වී නැතත්, මේ හේතුවෙන් අලුත් ගිණුම් සෑදීම මුළුමනින් ම අවහිර වී තිබෙනවා. මේ ප්‍රහාරය දියත් කළ බලවේගය කවුරුන් වුවත් ඔවුන් ක්‍රියාත්මක වී ඇත්තේ අලුත බිහි වූ සමාගමක් වශයෙන් Deepseek චීන කෘත්‍රිම බුද්ධි කර්මාන්තයේ නැඟී එමින් සිටින මොහොතක වීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණක් ව තිබෙනවා.

පසුගිය සති කිහිපයේ Deepseek බොහෝ දෙනෙකුගේ අවධානමට ලක් වූයේ එය ගෝලීය මට්ටමේ කෘත්‍රිම බුද්ධිමය යෙදවුම් වන OpenAI සමාගමේ ChatGPT සහ Googleහි Gemini වෙත පවා අභියෝගයක් එල්ල කළ හැකි ආකාරයේ නැඟී සිටීමක් පෙන්නුම් කළ බැවින්.

විශේෂත්වය නම් සයිබර් ප්‍රහාරය එල්ල වීමට පෙර දිනයේ ඇමරිකාව තුළ Apple App Store හරහා වැඩිම වතාවක් බාගත කෙරුණු නොමිලේ සේවා සපයන ජංගම යෙදවුම බවට පත් වීමට එය සමත් ව තිබීමයි. සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි සහායකයා වන R1 ද දියත් කර තිබුණේ ඉකුත් සතියේයි.

සමාගමේ සීඝ්‍ර දියුණුව ගෝලීය තාක්ෂණ සමාගම්වල කොටස් දෙදරවන්නට සමත් වූ අතර කෘත්‍රිම බුද්ධි අවකාශය වෙත පැමිණි නවතම මෙන් ම ප්‍රබල තරගකරුවෙකු වශයෙන් ආයෝජකයන් Deepseek හඳුනාගනිමින් පැවතියා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/qZXpLMc
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!