zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ග්‍රහ පෙරහැර මේ දිනවල රෑ අහසේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු මෙලෙස එක ම පෙළක පිහිටන අයුරු පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර, එම පෙළට ම සම්බන්ධ වෙමින් යුරේනස් සහ නෙප්චූන් ද සිටින බව දුරේක්ෂයක් ආධාරයෙන් දැක බලාගත හැකියි.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලු ම ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන්නේ තමාට අනන්‍ය කක්ෂයකයි. මේ සියලු ග්‍රහලෝක සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ගත කරන කාලය විවිධ වුවත් ඉන් ග්‍රහලෝක කිහිපයක් හෝ එක ම මොහොතක එකිනෙකට ආසන්න ලක්ෂ්‍යයක් වෙත ළඟා වන තරමක් විරල අවස්ථා එළැඹෙනවා. ‘ග්‍රහ පෙරහැර’ හෙවත් planetary parade යනුවෙන් වුව ද නම් කළ හැකි මේ සංසිද්ධිය ඇති වන්නේ එවිටයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාට අනුව මේ දිනවල සිට පෙබරවාරි මස මැද දක්වා කාලය තුළ හිරු බැස යාමෙන් විනාඩි 90ක් ඇතුළත අහසේ මෙකී සංසිද්ධිය දැකබලා ගැනීමේ අවස්ථාව හිමි ව තිබෙනවා. මේ සුවිශේෂ ග්‍රහ පිහිටීම ජනවාරි 21 වැනි දා ආරම්භ වූ අතර 29 දා, එනම් හෙට දින උච්ඡතම අවස්ථාවට එළැඹීමට නියමිතයි.

එසේ ම පෙබරවාරි මස අවසානයට ළං වන විට බුධ ග්‍රහයා ද පෙරහැරට සම්බන්ධ වනු දැකගත හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. එවිට පෙරහැර ග්‍රහලෝක හතක සහභාගීත්වයෙන් යුතු විරල සංසිද්ධියක් වනු ඇති.

 



from Vidusara Science Magazine https://ift.tt/5uRPiLr
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!