zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලංකාවට බලපෑ ඉන්දියාවේ වායු දූෂණය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සියලු ම දිස්ත්‍රික්කවල වායුගුණාත්මකතාව අද දිනයේ පහත වැටී ඇති ආකාරයක් දිස් වුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, පරිසර අධ්‍යයන හා සේවා අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කරන්නේ ඉන්දියාවේ සිට හමන සුළං ප්‍රවාහය ඔස්සේ මෙරටට පැමිණෙන දුහුවිලි අංශු හේතුවෙන් මේ තත්ත්වය උද්ගත ව ඇති බවයි.

IQAir වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ස්ථාපනය කර ඇති මිනුම් උපකරණවලට අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මකතා දර්ශකය වාර්තා වන්නේ 160ක් ලෙසයි. මේ මොහොතේ වාතයේ ඇති අංශුමය ද්‍රව්‍ය අගය PM2.5 ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර ගම්පහ, පුත්තලම, රත්නපුර, කුරුණෑගල, මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශවල ද වායු ගුණාත්මකතාව පහත වැටී තිබෙනවා.

අප කළ විමසීමක දී ප්‍රේමසිරි මහතා සඳහන් කළේ මේ වායු දූෂණ තත්ත්වය කෙමෙන් අඩු වන ආකාරයක් දිස්වන බවයි. අද මධ්‍යම රාත්‍රිය පසු වන විට මේ තත්ත්වය බොහෝ දුරට පහ ව යනු ඇතැ යි අපේක්ෂා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වායු ගුණාත්මකතාව කෙරෙහි සංවේදී, ස්වසනාබාධවලින් පෙළෙන අය සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවයි.



from Vidusara Science Magazine https://ift.tt/y2oRf6Z
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!