zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලුසියානාවේ මින්මැදුරක අමුතු මෝර උපතක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානාවේ පිහිටි මින්මැදුරකින් විස්මය දනවන swell shark මත්ස්‍ය උපතක් වාර්තා වී තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පැටවා උපත ලබා ඇති ටැංකියේ වාසය කරමින් සිට තිබෙන්නේ ගැහැනු swell shark මෝරුන් (𝐶𝑒𝑝ℎ𝑎𝑙𝑜𝑠𝑐𝑦𝑙𝑙𝑖𝑢𝑚 𝑣𝑒𝑛𝑡𝑟𝑖𝑜𝑠𝑢𝑚) දෙදෙනෙකු පමණක් වීමයි.

මේ සිදුවීම වාර්තා වී ඇත්තේ ලුසියානා ප්‍රාන්තයේ පිහිටා ඇති Shreveport මින්මැදුරේයි. ටැංකියේ මෝර බිත්තරයක් තිබෙන බව මින්මැදුරේ පාලකයන්ට නිරීක්ෂණය වී තිබුණේ මාස අටකට පෙරයි. මින්මැදුර සඳහන් කරන්නේ එසේ හඳුනාගැනීමට පෙ⁣ර තවත් මාස දෙකක පමණ කාලයක් බිත්තරය ටැංකියේ තැන්පත් ව තිබෙන්නට ඇති බවයි. බිත්තරයෙන් පැටවා උපත ලබා ඇත්තේ ඉකුත් ජනවාරි 03 වැනි දිනයි.

මින්මැදුරේ පාලක මණ්ඩලය සඳහන් කරන පරිදි ටැංකියේ සිටින ගැහැනු swell shark මසුන් දෙදෙනා වසර තුනකට අධික කාලයක් තිස්සේ එකදු පිරිමි මත්ස්‍යයෙකු හමු වී නැහැ. එනිසා ඔවුන් යෝජනා කරන්නේ මේ පැටවා පමා වූ සංසේචනයක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

⁣එසේ ම මෙය අලිංගික ප්‍රජනනයේ එක් විරල අවස්ථාවක් වන parthenogenesis හෙවත් අනිෂික්ත ජනනය හේතුවෙන් සිදු වන්නට ඇති බවට ද මතයක් ඉස්මතු ව තිබෙනවා.

මේ ගැන වැඩිදුර තොරතුරු සොයාගැනීම සඳහා DNA සාම්පලයක් ලබා ගැනීමට මෝර පැටවාට යම් කාලයක් නිදහසේ වැඩීමට ඉඩ සලසා දිය යුතු වනවා. එනිසා මේ අමුතු උප්පත්ති කතාවේ රහස විසඳා ගැනීමට මාස කිහිපයක කාලයක් ගත විය හැකියි.

“මේ ඇදහිය නො හැකි සිදුවීම මේ ජීවී විශේෂයේ උත්ප්ලාවිතාව පෙන්නුම් කරනවා. අපි බොහෝ ම නො ඉවසිල්ලෙන් බලා ඉන්නවා මෙය අනිෂික්ත ජනනයේ ප්‍රතිඵලයක් ද එහෙමත් නැති නම් පමා වූ සංසේචනයක උදාහරණයක් දැ යි දැනගැනීමට.” Shreveport මින්මැදුරේ සජීව සතුන් පිළිබඳ භාරකරු ලෙස කටයුතු කරන Greg Barrick පවසනවා.

උපත ලැබූ swell shark මෝර පැටවා නම් කර ඇත්තේ Yoko ලෙසයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/wTKrEuh
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!