zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සුමාත්‍රා යමහල් විදාරණයෙන් 22ක් ජීවිතක්ෂයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි ඇති මරාපි යමහල විදාරණය හටගත් මොහොතේ සිට වාර්තා වී ඇති කඳු නඟින්නන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එරට බලධාරීන් විසින් යමහල ආසන්නයේ තිබී තවත් මළ සිරුරු ගණනාවක් සොයාගනු ලැබීමත් සමගයි. ඊයේ දිනයේ දී පමණක් මළ සිරුරු නවයක් සොයාගන්නට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව තිබුණා.

සොයාගත් මළ සිරුරු හඳුනා ගැනීම සඳහා රෝහල් වෙත යැවූ බව Padang සෙවුම් හා ගලවාගැනීම් ඒජන්සියේ ප්‍රධානී අබ්දුල් මලික් ඉකුත් දා සඳහන් කළා. නිරුපද්‍රිත ව සිටි 52ක් ගලවාගෙන රෝහල් ගත කිරීමට ද ඔවුන් සමත් වී තිබුණා. එක් කඳු නඟින්නෙකු මුල පටන් අතුරුදන් ව සිටි අතර විදාරණය සිදු වූ අඩවියට අතිශය ආසන්නයෙන් සිටීම නිසා ඔහු ද මිය යන්නට ඇති බව සැක කෙරෙනවා. මලික් වැඩිදුරටත් සඳහන් කර තිබු‌ණේ යමහලේ ක්‍රියාකාරීත්වය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම අසීරු අඩියකට වැටී තිබූ බවයි.

යමහල් විදාරණයෙන් පිට වූ අළු සහ දුමාරය මීටර 3,000ක් ඉහළට පැතිරී තිබෙනවා. 1979 දී 60 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ විදාරණයෙන් පසු වාර්තා වන මරාපි යමහලේ මාරාන්තක ම විදාරණය ලෙස සැලකෙන්නේ මෙයයි.

‘ගිනි කන්ද’ යන අරුත සහිත ව මවුන්ට් මරාපි ලෙස නම් ලැබ ඇති මෙම යමහල සුමාත්‍රා දූපතේ පිහිටා ඇති සක්‍රීය ම යමහල ලෙස සැලකෙනවා. පසුගිය ඉරිදා සහ සඳුදා දෙදින අතර එය 46 වතාවක් විදාරණය වී තිබුණා. ‘ගිනි වළල්ල’ හෙවත් Ring of Fire ලෙස හැඳින්වෙන කලාපය තුළ පිහිටා තිබීම නිසා ඉන්දුනීසියාව යමහල් විදාරණයන්ගෙන් නිතිපතා බැට කනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට ඉන්දුනීසියාවේ යමහල් විද්‍යා නියෝජිතායතනය දශකයක පමණ සිට මාස්පතා එහි යන කඳු නඟින්නන් යමහල් මුදුනේ විවරය සමග ආරක්ෂිත දුරක් පවත්වාගත යුතු බව දන්වමින් එරට පරිසර සහ වනරක්ෂිත අමාත්‍යාංශයට ලිපි යොමු කර තිබෙනවා.indonesia යමහල් විවරයේ සිට කිලෝමීටර 3ක අරයක් සහිත වපසරිය වෙත කිසිවෙකු නො යා යුතු බවයි ඔවුන්ගේ නිර්දේශය වී තිබුණේ.

Al Jazeera ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!